Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම රංගනය අතාරින්නෙ නෑ, ටික කාලයකට මහත්තයා ළගට යන්න ඉන්නේ

දෙරණ ලිට්ල් ස්ටාර් නර්තන වේදිකාව නිසා ජනප්‍රිය තරුවක් වුණු ඇය හර්ෂි අංජුමාලායි. ඉන් පසුව සිදු ටෙලිනාට්‍යය හරහා පුංචි තිරයට පිවිසුණු හර්ෂි මේ වන විට සිනමා නිළියක්. ඉතින් හර්ෂිව ලොකු පිරිසක් අදුනගන්නේ ඇයට විශාල ප්‍රේක්ෂක ආදරයක් ලැබෙන්නේ රාජිනි ටෙලිනාට්‍යය හරහායි. ඉතින් ඇය රංගනය කලේ නවතම සිනමා නිර්මාණයක් වන ‘සහෝ’ චිත්‍රපටයේ අභියෝගාත්මක චරිත රංගනයකට ඇය දායකත්වය ලබා දුන්නා.

ඉතින් හර්ෂි අංජුමාලා රංගනය කල සහෝ චිත්‍රපටය මේ වසරේ අප්‍රේල් අන්තිමට ප්‍රදර්ශනය ආරම්භ කරන්න සූදානමින් ඉන්නේ. ඉතින් එම චිත්‍රපටය විශ්ව විද්‍යාල ජීවිතය පාදක කරගනිමින් ලියැවුණු නිර්මාණයක්. ඉතින් මේ චිත්‍රපටය රූගත කිරීම් කලෙත් කැළණිය විශ්ව විද්‍යාලයේ. හර්ෂි සැබෑ ජීවිතේදිත් කැළණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබපු කෙනෙක්. ඉතින් හර්ෂි සහෝ චිත්‍රපටය ගැන වගේම ඇගේ ඉදිරි බලාපොරොත්තු ගැන අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මම ටික කාලයකට මහත්තයා ළගට යන්න ඉන්නේ. ඊට කලින් පොඩි විවේකයක් ගන්න ඕන. ඒ කාලේ රංගනය හදාරන්නයි අදහස. ඊට පස්සේ නැවත එනවිට වටිනාකම වැඩිවෙනවනේ. මම රංගනය අත හරින්නේ නෑ. නිර්මාණවලට ආරාධනා ලැබෙනවා. ඒ වුනාට අතරමග නතරකරන්න බලාගෙන මම නිර්මාණ බාර ගන්නෙ නෑ.

සහෝ කියන්නේ මගේ රංගන ජීවිතේ ලබපු ලොකු ජයග්‍රහණයක්. සහෝ චිත්‍රපටය දැනටමත් විදෙස් ඇගයීමට ලක්වෙලා. මම කැම්පස් ඒකේ ඉගෙන ගන්න කාලෙ මට අරගල වලට මුහුණ දෙන්න බැරි වුණා. ඒ නිසා මේ චරිත රංගනය මට අභියෝගයක් වුණා. ‘’

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී හර්ෂි අංජුමාලා අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *