Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අපි බැන්දෙ 88 අවුරුද්දෙ, බැදලා අවුරුදු 35 යි, ගිරිරාජ් කෙනෙක් නෑ මගේ බිරිද නැත්නම්

වේදිකාව, පුංචි තිරය සහ සිනමාව තුළින් ප්‍රේක්ෂකයාට අපූර්ව වූ රස්වින්දනයක් ලබා දුන් ඒ ගෞරවනීය කලාකරුවා තමයි ගිරිරාජ් ගිරිරාජ් කෞශල්‍ය කියන්නේ. රසික හදවත් නිතැතින්ම සොරා ගත් ගිරිරාජ් මේ වන විට වැඩි පුරම ප්‍රේක්ෂකයන්ගේ සිත් සොරා ගත්තේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණු ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ කුකුලා මුදලාලි විදියටයි.

ඕනම චරිතයක් ඒ ආකාරයෙන්ම ප්‍රේක්ෂකයා වෙත ගෙන එන මේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියා ගැන පසුගිය කාලයේදී අපිට අහන්නට ලැබුණේ එතරම් සුබදායි පුවතක් නම් නෙමෙයි. ඒ ඔහු හදිස්සි අසනීප තත්වයකට පත් වෙලා කාලයක් කලාවෙන් සමු අරන් තිබුණා.

ඔහුගේ ආදරණීය දියණියන් දෙදෙනාගෙන් පොඩි දුව අමන්ද්‍යාත් කලාවේ වැඩ කටයුතු එක්ක මේ විදියට කාර්‍යබහුලයි. ඉතින් ඇය පසුගියදා ඇගේ ගීතයක් එළිදක්වලා තිබුණා. ඒ ගැනත් ප්‍රේක්ෂක අපිට දැක ගන්න ලැබුණා. ඉතින් ආදරණීය සොදුරු පවුලක් තියෙන ගිරිරාජ්ගේ ආදරණීය බිරිද ගැන ඔහු මේ විදියටයි එක්තරා වැඩ සටහනකදී අදහස් දක්වලා තිබූනේ.

” අපි දෙන්නා කසාද බැන්දෙ 88 අවුරුද්දේ ජූනි මාසෙ 30 වැනිදා. ඒ කියන්නෙ දැන් අපි බැදලා අවුරුදු 35ක් විතර වෙනවා. අපි යාලුවෙලා ඉන්න කාලේ එයා මම කියන දේවල් අහගෙන හිටියා. එයා ආසයි මගෙ කතා අහන්න. ඊට පස්සේ එයා කියන දේවල් අහන්න වුණා මට බැන්දයින් පස්සේ. දැන් අපි දෙන්නම කියන දේවල් අහන් ඉන්නවා වටේ මිනිස්සු.

මම අසනීප වෙලා පළවෙනි පාර දවස් හතලිහක් රෝහල් ගත වෙලා හිටියා. ඒ දවස් හතලිහම එයා මමත් එක්ක හිටියා. බාත් රූම් එක ඇතුලේ පවා මමත් එක්ක හිටියා. මගේ බිරිද නැත්නම් ගිරිරාජ් කියලා කෙනෙක් නෑ.”

මේ විදියටයි ගිරිරාජ් කෞශල්‍ය ඔහුගේ සුන්දර පවුල හැඩ කරන ශක්තිමත් කරන ආදරණීය බිරිද ගැන අදහස් දක්වලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *