Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අපේ තාත්තා අපිට නම් දාලා තියන විදියට ඒවා කියවනකොට කට මොකද්ද වෙනවා

ලාංකීය ක්ශේෂ්ත්‍රය තුළ දැක ගන්න ලැබෙන ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් තමයි ගිහාන් ප්‍රනාන්දු කියන්නේ. ඔහුගේ විශිෂ්ට රංගනයන් අපිට මීට දිගු කාලයක සිට දැකගන්නට ලැබුණා. ගිහාන් ප්‍රනාන්දු ආදරණීය කලා කරුවා මේ වන විට පුංචි තිරය හරහා නිර්මාණ කිහිපයකින්ම දැක ගන්න ලැබෙනවා.

සති අග හිරු නාලිකාවේ විකාශය වෙන ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලිනාට්‍යයේ ඉතාම දක්ෂ රංගනයක යෙදෙන ගිහාන් ප්‍රනාන්දු දෙරණෙහි විකාශය වෙන ‘අපි එක රෑණේ’ ටෙලිනාට්‍යයේ ශාක්‍යසිංහ විදියටයි රංගනය කරන්නේ. ඉතින් ගිහාන් ප්‍රනාන්දු රංගන ශිල්පියෙක් වගේම වැඩ සටහන් ඉදිරිපත් කරන්නෙක් විදියට කුඩා ළමයි සමගින් කරන වැඩ සටහනක්ද ප්‍රේක්ෂකයා ආදරයෙන් නරඹනවා.

ඉතින් ගිහාන් ප්‍රනාන්දුගේ සහ ඔහුගේ සහෝදර සහෝදරියන්ට තාත්තා නම් දාලා තියෙන විදිය ගැන මේ ආකාරයටයි ඔහු එක්තරා රූපවාහිනී වැඩ සටහනකදී කියලා තිබුණේ.

” අපේ තාත්තා දැනගෙන තියෙනවා මම කවදහරි නලුවෙක් වෙනවා කියලා. අපේ ගෙදර අයට නම් දාලා තියෙන්නේ හරි අමුතු විදියට. ඒවා කියවනකොට කට මොකද්ද වෙනවා. අපේ මල්ලි දෙමාල් ටෙරන්ස් නිශාන්ත, ලොකු නංගි පොමිලා ඇනලීන් කැමීලියා, මම ගිහාන් ඒඩ්‍රියන් ෆර්නෑන්ඩෝ, අවුරේලියා නික්ෂිතා හර්ෂතා. මේ නම් ටික කිව්වම අමුතුවෙන් වොයිස් ට්‍රේනින් කරන්න අවශ්‍ය නෑ.”

මේ විදියටයි ගිහාන් ප්‍රනාන්දු ආදරණීය කලා ශිල්පියා අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *