Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

ආදරේට මම බය නිසා කැමතියි තනියම ඉන්න – ජනප්‍රිය සුරූපි රංගන ශිල්පිනී ගීතිකා රාජපක්ෂ

කාලයක් පුංචි තිරය හරහා වගේම සිනමාව තුළත් ජනප්‍රිය චරිතයක් වෙලා හිටපු ඇය තවත් කාලෙක නිහඩ චරිතයක් වෙලා. ඉතින් ඒ සුරූපි රංගන ශිල්පිනිය තමයි ගීතිකා රාජපක්ෂ කියන්නේ. ඇය රංගනයෙන් දායක වුණ ටෙලිනාට්‍යයක් පසුගිය දා ස්වාධීන රූපවාහිනියේ විකාශය වුනා. ‘මීනු’ ටෙලිනාට්‍යයේ ශලනිගේ හොදම යාලුවා විදියට රංගනය කරපු ගීතිකා සිනමා නිර්මාණයක් හරහාත් ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තා.

ඉතින් කලාව තුල හිමින් ගමනක් යන ගීතිකා ගැමි චරිත බොහෝ ප්‍රමාණයක් කරලා තියෙනවා වගේම ඇය බලාපොරොත්තු වෙන්නේ රජ කතාවක චරිතයක්.

ඉතින් ඇය මේ වන විට පුංචි තිරය හරහා නිතරම දැක ගන්න ලැබුණෙ නැතත් වෙනත් වැඩ කටයුත්තක් නිසා මේ දිනවල කාර්‍යබහුලයි කියලයි සදහන් කලේ. ඉතින් කලා ක්ශේෂ්ත්‍රය තුළ යාලුවන් සමග සුහදව ඇසුරු කලත් ඇය බලාපොරොත්තු වුණ යාලුවන් ඇයට හමුවුණේ නෑ කියලයි ගීතිකා අදහස් දක්වන්නේ. ඉතින් මේ වන විට ක්ශේෂ්ත්‍රයේ ඇය ළගින්ම ආශ්‍රය කරන්නේ ශලනි තාරකා සහ ධනංජි තාරුකා. ඉතින් ඇය ආදරේ ගැන කිව්වේ මේ වගේ අදහසක්.

” මම ආදරේට හරි බයයි. ඒ නිසා තනියම ඉන්න තීරණය කලා. ආදරේට මම ගොඩක් ආදරණීය කෙනෙක්. ඒ නිසා මම ආදරේදි ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. බැදීම් නැතිවෙන කොට හිතට වේදනාවක්. මගේ ලෝකයේ මේ වෙනකොට ඉන්නේ මගේ මව්පියෝ විතරයි. බැදීම් අඩු වුනාම දුක් වෙන්න හේතු නෑ. ඒ නිසා මම දුක් වෙන්න හේතු හදාගන්නෙ නෑ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *