Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අමරිකාවේ මගේ ව්‍යාපාරය විවෘත කලේ පහුගිය දවස්වල රංජන් අයියා ආවට පස්සේ

2006 වසරේ ශ්‍රී ලංකා රූ රැජින ලෙස කිරුළු පැළදූ ඇය ගයේෂා පෙරේරා. නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් වගේම ඇය වැඩසටහනක් ඉදිරිපත් කරන්නියක් විදියට කොයි කවුරුත් හදුනගත්ත ඇය පසුව දේශපාලනයට පිවිසුනා. ඉතින් මේ සියල්ලටම සමුදීලා ගයේෂා විදෙස් ගත වෙලා මේවන විට ඇමරිකාවේ ජීවත් වෙනවා.

ඉතින් වසර පහකට පමණ විදෙස් රටක පදිංචියට ගිය ගයේෂා ගැන මේ වන විට හැමෝම කතා කරන්න පටන් ගත්තේ ‘ඉගිල්ලෙන මාලුවෝ’ නිර්මාණය හරහායි. මේ නිර්මාණායේ චරිතය හරහා ඇයට අඩ නිරුවත් වීමට සිදු වුණා. ඉතින් ඇගේ මෙම රංගනය අපිට පෙබරවාරි 3 වනදා සිට දැක ගන්න ලැබෙනවා.

ඉතින් ගයේෂා පෙරේරා මේ වන විට තම පවුල සමගින් විදෙස් රටක සිට සතුටින් කාලය ගත කරනවා. ඒ ගැන ඇය මේ විදියටයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මම ඇමරිකාවට ඇවිත් අවුරුදු පහකට ආසන්නයි. ලංකාවෙන් දුරස් වෙලා ඉන්න එකනම් දුකයි. මම රැකියාවක් කරන අතරේ ගෘහණියක් විදියට වැඩ කටයුතු කලා. මම කල රැකියාවට සමුදීලා මේ වන විට මගේම ව්‍යාපාරයක් කරගෙන යනවා. මගේම කියලා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් කුඩා දරුවන් වෙනුවෙන් පටන් ගත්තා.

පූර්ව ළමා විය ගැන හදාරලා තමයි මම ඒ වැඩේ පටන් ගත්තේ. පසුගිය දවසක අපේ සුපිරි නළු රංජන් රාමනායක අයියා ආවට පස්සේ එයා අතින් තමයි මගේ ඩේ කෙයාර් එක විවෘත කලේ. මගේ සිහිනයක් සැබෑ වුන නිසා මම දැන් සතුටින් ඉන්නේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *