Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

ලෝකයේ කොහේ හිටියත් තමන්ගේ පවුල එක්ක ඉන්නවනම් සතුටුයි

ලාංකීය කලා ක්ශේෂ්ත්‍රය තුළ විවිධ චරිත ගෙනහැර පෑ ඇය ගයේෂා පෙරේරා. ඇය රංගනයෙන් දායක වුණු ‘ඉහිලෙන මාළුවෝ’ චිත්‍රපටය විකාශනය වීමත් එක්ක හැමෝම ඇය ගැන කතා කරන්නට වුණා. ඒ ගයේෂා රංගනය කල අභියෝගාත්මක චරිතයක් නිසයි. ඉතින් ගයේෂා පෙරේරා කියන මේ රංගන ශිල්පිනිය මේ වන විට විදෙස් රටක තම පවුල සමගින් කාලය ගත කරන්නේ.

ඉතින් ගයේෂාගේ ජීවිතයේ මේ වන විට ඇය ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් වල ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. විදෙස් රටක එවැනි දෙයක් පටන් ගැනීමම ඔවුන් ලබපු ජයග්‍රහණයක්. ඉතින් ඇය රංගනය කල ඉගිලෙන මාලුවෝ චිත්‍රපටය විකාශය වෙන කොට ඇය ලංකාවේ සිටීමට නොහැකි වීම ඉතා කණගාටු දායක දෙයක් කියලයි ගයේෂා කියලා තිබුණේ.

ඉතින් මේ වන විට ආදරණීය මවක් වන ගයේෂා පෙරේරා ඇගේ සුන්දර පවුල් ජීවිතය ගැන එක්තරා පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මගේ සැමියා හසන්ජිත් කියන්නේ ඉතාම සංවේදී කෙනෙක්. එයා ඕනම කෙනෙකුට උදව් උපකාර කරන හිත හොද මනුස්සයෙක්. එයා වගේ කෙනෙක් ලැබීම මගේ ජීවිතේ මම වාසනාවන්තයි. අපේ පුතාට දැන් වයස අවුරුදු 5 යි. පුතාගේ වැඩ මමයි සැමියයි දෙන්නම කරන්නේ. ජීවිතේ සුන්දරයි. ලෝකේ කොහේ හිටියත් පවුල පිටින්ම එකට ඉන්නවා කියන්නේ ජීවිතේ සුන්දරයි තමයි.”

මේ විදියටයි ගයේෂා පෙරේරා ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *