Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම 2 වනි විවාහයකට යන්නෙ නෑ, ඒ මට දුවලා දෙන්නෙක් ඉන්න නිසා

රංගන ක්ශේෂ්ත්‍රයේ ඉන්න ඉතාම සුරූපිනියක් තමයි ගයත්‍රි ඩයස් කියන්නේ. ඇය රංගන ශිල්පිනියක් වගේම වෘත්තියෙන් රූපලාවණ්‍ය ශිල්පිනියක්ද වෙනවා. පසුගියදා ඇය කැෆේ එකක්ද විවෘත කළා. කාන්තාවක් හැටියට තම ස්වෝත්සාහයෙන් නැගිටින කෙනෙක් තමයි ගයත්‍රි ඩයස් කියන්නේ.

ඉතින් රංගන ක්ෂේත්‍රයේ ඉන්න රංගන ශිල්පියෙක් වගේම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන චන්න පෙරේරා සමගින් විවාහ වෙලා සිටි ගයත්‍රී මේ වන විට චන්නගෙන් වෙන් වෙලා දරුවන් දෙදෙනා සමඟින් ජීවත් වෙන්නේ. ඉතින් ගයත්‍රි කියලා කියන්නේ දරුවන්ගේ යුතුකම් ඉටු කරමින් තම ගමන ඉදිරියටම යන ධෛර්යමත් කාන්තාවක්.

ඇය ඇගේ දියනියන් දෙදෙනත් එක තනි ගමනක් යනවා වගේම ඇගේ දරුවන් වෙනුවෙන් කරන යුතුකම් සහ ඔවුන් ගැන මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මම කියන්නේ මම ළග සතුටක් නැත්නම් ඕනම කෙනෙක් ගියාට කමක් නෑ. මොකද ඒ කෙනාගෙ සතුට මම නෙමෙයිනේ. අනික ප්‍රශ්න තියාගෙන දෙන්නෙක් එකට ඉන්න එකත් අනවශ්‍ය දෙයක්. අපි කාන්තාවක් වුනා කියලා වෙන කෙනෙකුගෙන් යැපෙන්න බලාගෙන ඉන්නවා කියන්නේ මෝඩ වැඩක්. මට ඉන්නේ දියනියන් දෙන්නෙක් නිසා මම දෙවනි විවාහයකය යන එක සුදුසු දෙයක් නෙමෙයි. මොකද මට මගේ දරුවන්ගේ ආරක්ෂාව හැමදේම සපයන්න ඕන. රිලේෂන් ශිප් පවත්වයි. හැබැයි විවාහයකට යන්න හොද නෑ.”

මේ විදියටයි හැමදාම ලස්සනට ඉන්න ගයත්‍රි ඩයස් ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *