Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අම්මියි තාත්තියි වෙන් වුන එක ගැන මට සතුටුයි, දැන් තමයි ඒ දෙන්නා සතුටින් ඉන්නේ

ශ්‍රී ලාංකීය කලා ක්ශේෂ්ත්‍රය තුළ කවුරුත් ඒ රුවට ආදරේ කරනවා. ඒ වගේම ඔහුගේ ඇති ඒ කඩවසම් භාවයට ඕනම කෙනෙකුගේ ආකර්ෂණය ලැබෙනවා. ඉතින් අධ්‍යක්ෂකවරයෙක් වගේම දක්ෂ රංගන ශිල්පියෙක් වන ඔහු චන්න පෙරේරා. මේ වන විට හිරු සුපර් ඩාන්සර් වේදිකාවේ විනිසුරුවරයෙක් විදියට කාගෙත් ආකර්ෂණය ලබා ගන්නවා.

ඉතින් චන්න පෙරේරා කියන ඒ කඩවසම් චරිතය විවාහ වෙන්නෙත් ක්ශේෂ්ත්‍රයේම ඉන්න දක්ෂ සුරූපිනියක් එක්ක. ඇය තමයි ගයත්‍රි ඩයස් කියන්නේ. ගයත්‍රිගේ සහ චන්නගේ ආදරණීය දියණියන් දෙදෙනෙක් ඉන්නවා. මේ වන විට ගයත්‍රි සහ චන්න විවාහයෙන් වෙන් වෙලා දෙන්නා වෙන්ව ජීවත් වුණත් ඔවුන්ගේ ආදරණීය දියණියන්ගේ වැඩ කටයුතු වලදි සහයෝගයෙන් වැඩ කරනවා.

ඉතින් චන්නගේ සහ ගයත්‍රිගේ මේ ආදරණීය දියනියන් දෙදෙනා ගයත්‍රි සමගින් මේ වන විට ජීවත් වෙන්නේ. ඉතින් දෙමාපියන් වෙන් වුනත් ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් ගන්න ඕනම තීරණයකට ඔවුන් සහයෝගය දක්වනවා කියලයි ලොකු දුව එක්තරා රූපවාහිනී වැඩ සටහනකදී අදහස් දක්වලා තිබුණේ.

” මම කැමතියි තාත්තා වෙන විවාහයක් කරගන්නවට. මොකද මට ඕන ඒ දෙන්නා කොතනක හරි සතුටින් ඉන්නවට. අම්මියි තාත්තියි එකට ඉන්නකොට සතුටින් නෙමෙයි හිටියේ. ඉතින් එයාලා වෙන් වුන එක ගැන මට සතුටුයි. දැන් එයාලා දෙන්නම සතුටින්. තාත්ත වෙන කෙනෙක් හොයාගන්නවනම් මම සපෝර්ට් කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *