මං ලස්සනට ඉන්න කොළ කැද සහ වතුර තමයි බොන්නේ, මූණට ස්වභාවික දේවල් කරන්නේ – ජනප්‍රිය රංගන ශිල්පිනී නදී ගයත්‍රී
මියුසික් වීඩියෝස් සහ වෙළද දැන්වීම් ගණනාවක් හරහා මේ දිනවල දැක ගන්න ලැබෙන ඇය නදී ගයත්‍රී. ඇයගේ වෘත්තීය රංගනය නොවුනට විනෝදාංශයක් හැටියට තමයි ඇය රංගනයේ නිරත වෙන්නේ. ඇය ගොඩක් කාර්යබහුල රංගන ශිල්පිනියක් නොවෙන්නේ වැඩ තෝරලා බේරලා භාර ගන්න නිසා. ඉතින් දහම් පාසල් ගුරුවරියක් හැටියටත් වැඩ කටයුතු කරන ගයත්‍රී ක්ශේෂ්ත්‍රයට එන්නේ අහම්බයකින්.

පාසල් යන කාලේ ඉදන්ම ක්‍රීඩාව පැත්තෙන් දිගු ගමනක් යන්න බලාපොරොත්තු වෙලා හිටියත් ඇය හදිස්සි අසනීප තත්වයක් නිසා ඇයට ක්‍රීඩාවට සමුදෙන්න වෙනවා. ඒ අතරේ ඇගේ අම්මා සිරස තරු මංසල වැඩ සටහනට අයදුම්පතක් යොමු කරලා තමයි ගයත්‍රි කලාවත් එක්ක එකතුවෙන්නේ. ඉතින් ක්ශේෂ්ත්‍රය තුල හිමින් ගමනක් යන්න බලාපොරොත්තු වෙන ගයත්‍රි මේ වන විට ආදරණීය මවක් වෙලත් තම රූප සුන්දරත්වය ඒ විදියටම පවත්වාගෙන තියෙනවා. ඒ ගැන ඇය එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට කියලා තිබුණේ මේ විදියටයි.
” හැමෝම ආසයි ලස්සනට ඉන්න. මම ගොඩක් වෙලාවට මුහුණට කරන්නේ ස්වභාවික සත්කාරයන්. නිතරම මම කොළ කැද සහ වතුර බොනවා. ඒ වගේම එළවලු පළතුරු කෑමට එකතු කරගන්නවා. ඒ වගේම කෑම ටිකක් පාලනය කරනවා. කෙනෙකුට ප්‍රිය වෙන්න ලස්සනට පිරිසිදුව ඉන්න එක වැදගත්දෙයක්.

මගේ සැමියා ස්වර්ණවාහිනීයේ වැඩ කරන්නේ. අපි දෙන්නා දැන් කසාද බැදලා අවුරුදු හතක් වෙනවා. අපි දෙන්නට අවුරුදු තුන හමාරක පුතෙක් ඉන්නවා. මේ ගමන එන්න මගේ අම්මා ඇතුලුව ගොඩක් දෙනෙක් මට උදව් කලා. ඒ හැමෝටම ගොඩක් ස්තූති කරනවා. මට ලොකුවට අනාගත සැලසුම් නෑ. මගේ ගමන හෙමින් යන්න තමයි මම සූදානම්. ”
ඉතින් මේ විදියට තමයි නදී ගයත්‍රී ඇගේ අදහස් දක්වලා තිබුණේ.