Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මගේ අවාසනාවට මෙදා පාර අවුරුදු සමරන්න මගේ තාත්තා මම ලග නෑ, අපිට අවුරුදු නෑ

ගයාන් ගුණවර්ධන කියන්නේ අපේ රටේ දක්ෂ ගායන ශිල්පියෙක් වන නුවන් ගුණවර්ධනයන්ගේ ආදරණීය පුතනුවන්. ගායකයෙක් විදියටත් රංගන ශිල්පියෙක් විදියටත් ඉතාම තාත්වික රංගනයක යෙදෙන්න පුලුවන් දක්ෂතා පරිපූර්ණ කලා කරුවෙක් තමයි ගයාන් ගුණවර්ධන කියන්නේ. ඉතින් ඔහු රංගනය කල ‘හුස්මක් තරමට’ ටෙලිනාට්‍යයට එදා ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබුණා වගේම මේ දිනවල ඔහු පුංචි තිරය හරහා දැක බලා ගන්න පුලුවන්.

දෙරණෙහි විකාශය වුණ ‘අපි එක රෑණේ’ ටෙලිනාට්‍යයේ සන්තුෂ විදියටත් පාර දිගේ ටෙලිනාට්‍යයේ ත් ගයාන් රංගනයේ යෙදෙනවා. ඒ වගේම ඔහු රෝඩ්ස් සංගීත කණ්ඩායමෙත් සාමාජිකයෙක් විදියට සංගීත වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ගයාන් ගුනවර්ධනගේ ආදරණීය පියා නුවන් ගුණවර්ධන මෑතකදී තමයි මෙලොවින් සමු අරන් ගියේ.

ඒ ගැන ගයාන් ගොඩක් සංවේදී වුනා වගේම ඔහු එක්තරා රූපවාහිනී වැඩ සටහනකදී තම පියා ගැන අදහස් දවලා තිබුණේ මේ විදියටයි.

”තාත්තා කියන්නේ මගේ හොදම යාලුවා. මම වාසනාවන්ත පුතෙක් මොකද මම තාත්තා එක්ක සංගීත ප්‍රසංග වල එකට ගායනා කලා. මම වෙලාවකට තාත්තගේ රියදුරා වෙනවා. ඒ වගේම මගේ හැම ප්‍රශ්නයකටම තාත්තා ළග උත්තර තිබුණා. ආදරය, විරහව ඕනම දෙයක් ගැන මම මුලින්ම කියන්නේ තාත්තට. මේ පාර අවුරුදු සමරන්න තාත්තා අපි ළග නෑ. අපිට අවුරුදු නෑ. ”

මේ විදියටයි ගයාන් ගුණවර්ධන ඔහුගේ අදහස් දක්වල තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *