Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අපේ ගෙදර උයන්නෙ මම, චතුරිකා උයන්න දන්නෙ නෑ, එයා අස් කරනවා විතරයි

කාලයක සිට රංගන ක්ශේෂ්ත්‍රය තුළ ජනප්‍රියත්වය එක ලෙස පවත්වා ගත්ත ඒ කඩවසම් රංගන ශිල්පියා තමයි ගයාන් වික්‍රමතිලක කියන්නේ. ඔහු එදා රංගනය කල ‘බොද මීදුම්’ ටෙලිනාට්‍යයේ සාලිය අයියා විදියටයි නපුරු චරිතයක් හරහා ප්‍රේක්ෂකයන් අතරට ආවා. ඉතින් මේ වන විට ටෙලිනාට්‍යය ගණනාවකටම රංගන දායකත්වය ලබා දීලා තියෙන ගයාන් තමන්ට ලැබෙන ඕනම චරිත නිර්මාණයකට සාධාරණයක් ඉටු කරන කෙනෙක්.

මේ වන විට ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන චතුරිකා පීරිස් සමගින් විවාහ වෙලා ඉන්න ගයාන්ගේ ආදරණීය කැදැල්ලට එළිය ගෙනාවේ ආරාධනා දෝනි විසින්. ඉතින් ඉතාම සතුටින් ජිවත් වෙන චතුරිකා සහ ගයාන් ආදරණීය කැදැල්ලේ සුරංගනාවිය තමයි ආරාධනා දෝණි. මේ වන විට ආරාධනා දෝණනිටත් ගොඩක් අය සමාජ මාධ්‍ය හරහා ප්‍රේක්ෂකයන් ආදරය කරනවා.

ඉතින් ගයාන් සහ චතුරිකා එදිනෙදා ජීවිතය ගත කරන සහ නිවසේ වැඩ කටයුතු ඉතා සහයෝගයෙන් කරගෙන යන ආකාරය ගැන මේ විදියටයි එක්තරා රූපවාහිනී වැඩ සටහනකදී කියලා තිබුණේ.

” ඇත්තම කිව්වොත් ගෙදර උයන්නෙ මම. චතුරිකා උයන්න දන්නෙ නෑ. එයා මම උයලා ඉවරවුනාම කුස්සිය අස් කරනවා. මම උයනවා කිව්වට ගෙදර වැඩට ඉන්න කෙනා ඔක්කොම ලෑස්ති කරලා තියනවා. මට තියෙන්නෙ කෑම ටික හදන්න විතරයි. මම ගෙදර දේවල් කරන්න කිසිම පසුබෑමක් නෑ. හැබැයි මම නිදාගන්න වෙලාවට කවුරු මොනවා කිව්වට් කරන්නෑ. හැබැයි දෝණි කිව්වොත් කරනවා.’’

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලක අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *