Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

ගෙදර කට්ටිය කියනවා මම ගෙදර හිටියම කනක් ඇහෙන්න නෑ කියලා

රියැලිටි තරගාවලියකින් සංගීතය ශේස්ත්‍රයට ආපු ඇය හරිම ප්‍රාසාංගික ආකාරයට ගීත ගායනා කරන මේ දිනවල ඉතා ජනප්‍රිය තරුණ පරපුරේ ගායන ශිල්පිනී ෆැලන් ඇන්ඩ්‍රියා. දෙස් විදෙස් සංගීත සංචාර සමගින් කාර්යබහුල වෙලා ඉන්න ෆැලන්ට ඇගේ ජීවිතයේ වෙනස්ම අත්දැකීමකට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා.

ඇය තරග වැදුණු ඩ්‍රීම් ස්ටාර් තරගාවලියේ සීසන් 11 තරගය නිවේදන කටයුතු කරන්න ඇයට අවස්ථාව උදා වෙලා. ඉතින් තමන් තරග වැදුණු වේදිකාව උඩ ඇයව විනිශ්චය කල විනිසුරු මඩුල්ල ඉදිරියේ එවන් කටයුත්තක් සිදු කිරීමට හැකි වීම ගැන ඇය ජීවිතයේ ලබපු ලොකු ජයග්‍රහණයක්.

ඉතින් ෆැලන් ඇන්ඩ්‍රියා කියන මේ ආදරණීය ගායන ශිල්පිනිය අලුත් ගීත කිහිපයක්ම ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. නමුත් තියෙන කාර්යබහුලත්වය නිසා ඒ දේවල් කරගන්න අපහසුයි කියලයි ඇය කියන්නේ. ඉතින් ෆැලන්ගේ ගෙදර තොරතුරු ඇය මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මම දුර ශෝ එකකට ගියොත් මාව එක්කන් යන්නේ තාත්තා. එයාගෙ වැඩ පාඩු කරගෙන එනවා. මම අලුත් තැනකට යනවනම් අනිවාරෙන් අම්මා මම එක්ක එනවා. මම ගෙදර ඉන්නකොට කෑ ගහලා ඉන්න කෙනෙක්. අපේ ගෙදර කට්ටිය කියනවා මම ගෙදර ඉන්නකොට කනක් ඇහෙන්න නෑ කියලා. මම වේදිකාවෙදි වගේ තමයි හරිම ආදරණීය කෙනෙක්. කාගෙවත් හිත් නොරිද්දන්න පාඩුවේ ඉන්න කැමති කෙනෙක් මම.’’

මේ විදියටයි ෆැලන් ඇන්ඩ්‍රියා ආදරණීය ගායන ශිල්පිනිය ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *