මගෙ අතින් පොඩි කාලේ මදුරුවෙක් පොඩි වුනාම මම ඇඩුවා, ජීවිතේ කවදාවත් මම සතෙක්ගේ ජීවිතේ නැති කරලා නෑ
රංගන ශිල්පිනියක් විදියට ක්ශේෂ්ත්‍රය තුල කාගේත් හිත ඇද ගත්ත සුරූපිනියක් තමයි එමාෂා සෙනෙවිරත්න කියන්නෙ. ඇය රංගනය කරමින් ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තේ දෙරණ නාලිකාවේ විකාශය වන ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යයේ සහේලි විදියටයි. මෙම අහිංසක චරිතය හරහා ඉතා විශාල ප්‍රේක්ෂක ජනතාවකගේ ආදරය දිනා ගත්ත එමාෂා තවත් ටෙලි නිර්මාණ හරහා ප්‍රේක්ෂක අපි අතරට එනවා.

රංගනය වගේම සිය පෞද්ගලික ජීවිතය තුළ ඇය හොද අධ්‍යාපනයක් ලබා ගත්ත කෙනෙක්. ඒ වගේම අධ්‍යාපනික පසුබිමක් තියෙන එමාෂගේ අම්මා ගුරුවරියක් වගේම පියා ඉංජිනේරුවරයෙක්. ඉතින් එමාෂා හැදී වැඩුනේ ඉතාම දැහැමිව. ඒ ගැන ඇය සහභාගි වුණු එක්තරා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.
” මගේ ජීවිතේ රෝල් මොඩ්ල් එක මගේ තාත්ති. මම අද වෙනකම් මගේ ජීවිතේ තීරණ ගත්තේ මගේ තාත්තිගෙන් අහලා. ඉතින් මට කවදාවත් තාත්ති ගහලා බැනලා නෑ. එයා කියන දේ හදවතටම කියනවා. මම අද වෙනකම් මදුරුවෙක්ගෙවත් ජීවිතේ නැති කරලා නෑ. පොඩි කාලේ මම ඉස්කෝලේ යනකොට මගෙ අතින් මදුරුවෙක් පොඩි වුණා. හිතලා නෙමෙයි. ඒ වුනාට මම හොදටම ඇඩුවා.”

මේ විදියටයි එමාෂා සෙනෙවිරත්න ඇගේ අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි ජීවිතයට අපි සුබ පැතුම් එක් කරන්නෙමු.