අම්මලා දරුවෙක් හදන්න කිව්වට මට ඒ දේ වෙනුවෙන් අවධානය යොමු කරන්න බෑ
වේදිකාව, සිනමාව, පුංචි තිරය හරහා විවිධ චරිත ගෙනහැර පාන ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී දුලීකා මාරපන. ඇය රංගනය කරන මේ දිනවලා ඉතා ජනප්‍රිය වේදිකා නාට්‍යයක් තමයි සුකිරි බඩිල්ලෝ කියන්නේ. ඉතින් චරිතාංග රංගන ශිල්පිනියක් විදියට කවුරුත් ආදරේ කරන දුලීකා විටෙක ප්‍රහසන රංගන ශිල්පිනියක් විදියටත් ප්‍රේක්ෂක අපේ ආලින්දයට එනවා.

දුලීකා මාරපන කියන්නේ කලාවට ඉතා දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ඇගේ ආදරණීය සැමියාත් කලාවට හිතෛෂී පුද්ගලයෙක්. සුජීව ප්‍රියලාල් මේ දිනවල අපිට දැක ගන්න පුලුවන් හිරු නාලිකාවේ විකාශය වෙන දිවිතුරා ටෙලිනාට්‍යය හරහා. ඉතින් දුලීකා සහ සුජීව මෑතකදී විවාහ වෙලා ඉතා සතුටින් කල් ගෙවනවා. ඇය විවාහයක් ගැනත් නොහිතා ඉතා සැහැල්ලුවෙන් ඉන්න තීරණය කලත් ඇගේ මවගේ බලකිරීම මත තමයි විවාහ වෙන්න තීරණය කරන්නේ. ඒ ගැන දුලීක එක්තරා මාධ්‍ය හමුවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.
” මම කසාද බදින්නැතුව උපරිම නිදහසේ ඉන්න තමයි හිතුවේ. ඒත් අම්මා මට බල කලේ පවුලෙ එකම ළමයා හැටියට මම කසාද බදින්න ඕන කියලා. මම අම්මත් එක්ක ආගිව් කරගත්තා මේ හේතුව නිසා. කොහොම හරි සුජීව අයියා හම්බවුනාම මම අම්මට කියලා කොහොම හරි දැන් විවාහ වුනා.

ඊළගට අම්මා කියන්නේ දරුවෙක් හදන්න කියලා. මගේ ජීවිතේ මම හිතාගෙන ඉන්නේ මැරෙනකම් උපරිම නිදහසේ ඉන්නවා කියලා. මොකද මේ රටට තව ජීවියෙක් බෝ කරලා භාරදෙන්න සුදුසු රටක් සමාජයක් නෙමෙයි තියෙන්නේ. අනික ඒ වගේ දෙයක් වෙනුවෙන් මගේ අවධානය මට යොමු කරන්න බෑ. මම සුජීව අයියටත් කියන්නේ ඒක.”
මේ විදියටයි දුලීකා මාරපන ඇගේ අදහස් දක්වලා තිබුනේ.