මට හිතෙනවා ආයේ තට්ටෙ ගාන්න වෙනසකටත් එක්ක, තට්ටෙ ගාලා නානකොට හරි සනීපයි
අපේ රටේ ඉන්න චරිතාංග දක්ෂ රංගන ශිල්පිනියන් අතරින් දුලීකා මාරපනට හිමිවන්නේ ඉහල ස්ථානයක්. වේදිකාව, සිනමාව, පුංචි තිරය කියන මේ හැම ක්ශේෂ්ත්‍රයේම දක්ෂතා දක්වන දුලීකා මාරපන ගැන මේ වන විට බොහෝ දෙනා දන්නවා. ඒ වගේම ඇය ගැන කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය හරහා විවිධ පුවත් මැවෙනවා.
ඉතින් කාලෙන් කාලෙට කවුරුත් කතා බහ කරන දුලීකා මාරපන විවාහ වෙලා ඉන්නේ කලාවේ ඉන්න තවත් කැපී පෙනෙන චරිතයක් වන සුජීව ප්‍රියලාල් සමගින්. ඉතාම සහයෝගයෙන් සතුටින් ජීවත් වෙන සුජීව සහ දුලීකාගෙ වේදිකා නාට්‍යයක් ගැන පසුගිය දා කාගේත් කතා බහට ලක් වුණා.

ඉතින් දුලීකා කියන්නේ ඕනෑම චරිත රංගනයක් හරි අපූරුවට ප්‍රේක්ෂකයා හමුවට ගෙනියන දක්ෂ රංගන ශිල්පිනියක් කියලා අපි කවුරුත් දන්නවා. විටෙක ඇට ප්‍රහසන රංගන ශිල්පිනියක් විදියට ප්‍රේක්ෂකයාව සිනහ සාගරයේ ගිල්වන්නට සමත් රංගන ශිල්පිනියක්. ඇය සහභාගි වුණු එක්තරා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී ඇගේ කොන්ඩ විලාසිතාව වෙනස් කරගන්න සූදානම් වෙන බව සදහන් කරලා තිබුණේ මේ විදියටයි.
” මම හරිම ආසයි තට්ටෙට. මම කාලයක් තට්ටෙ ගාලා හිටියා. දැන්නම් ආයේ කොන්ඩෙ වැවිලා තියෙන්නේ. ආයෙත් තට්ටෙ එනවා. ලංකාවේ මතයක් තියෙනවනේ සාම්ප්‍රදායික ගැහැණියකගේ කොන්ඩෙ තියෙන්න ඕන කියලා. මම සාම්ප්‍රදායික කෝණයෙන් බලන කෙනෙක් නෙමෙයි. දැන් ආයෙ හිතෙනවා කොන්ඩෙ තට්ටෙ ගාන්න. තට්ටෙ ගාලා නානකොට පුදුම සනීපයක් දැනෙන්නේ. ”

මේ විදියටයි දුලීකා මාරපන දක්ෂ රංගන ශිල්පිනිය ඇගේ අදහස් දක්වලා තිබුණේ.