Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මගේ අවු. 26 ක රංගන ජීවිතය තුල බඩ වුන ප්‍රමාණය අනන්තයි අප්‍රමාණයි

වේදිකාව, පුංචි තිරය සහ සිනමාව තුළ තම රංගන හැකියාවන් මැනවින් ප්‍රේක්ෂකයා හමුවට ගෙන ආ ඒත් චරිතාංග රංගන ශිල්පිනිය අපි කවුරුත් දන්න ජනප්‍රිය රංගන ශිල්පිණී දූලිකා මාරපන. නම ඇහුව පමණින්ම පමණින්ම ඇගේ කුසලතාවයන් ගැන ලොකු කුඩා කොයි කවුරුත් අද සමාජයේ දන්නවා.

හරිම තාත්වික රංගනය රංගනයකින් ප්‍රේක්ෂකයා පිනවන ඇය වේදිකාව තුළත් ඉතා දක්ෂතා දක්වන රංගන ශිල්පිනියක්. කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ප්‍රවීන රංගන ශිල්පිනියක් වන දුලීකා මාරපන විවාහ වෙලා ඉන්නේ රංගන ශිල්පියෙක් වන සුජීව ප්‍රියලාල් සමගින්. හරිම සතුටින් ජීවිතය ගත කරන දුලීකා සහ සුජීව පසුගියදා ඔවුන්ගේ අලුත් වේදිකා නිර්මාණයක් එක්ක කාර්යබහුල වෙලා තිබුණා.

ඉතින් සුජීව ප්‍රියලාල්ගේ මෙහෙයවීමෙන් කරන ‘සුකිරි බටිල්ලෝ’ වේදිකා නාට්‍යය ගැන මේ වන විට ගොඩ දෙනෙක් දන්නවා. ඊට හේතුව දුලිකා එම වේදිකා නාට්‍යයේ චරිතය සඳහා ඇය සූදානම් වී සිටින ඡායාරූපයක් ඇගේ සමාජ මාධ්‍ය තුළ පළ කිරීමත් එක්කයි. ඉතින් ගොඩක් දෙනා හිතුවේ ඇත්තටම දුලිකා මාරපන උතුම් මව් පදවිය ලබන්නට සූදානමින් සිටිනවා කියලා. ඉතින් මේ ගැන එක්තරා මාධ්‍ය හමුවකදී දුලිකා මාරපන ප්‍රවීණ රංගන ශිල්පිනිය අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මම මගේ අවුරුදු 26ක රංගන ජීවිතය තුළ බඩ වුන ප්‍රමාණය අනන්තයි අප්‍රමාණයි. ඉතින් මම බඩ තියෙන ෆොටෝ එකක් එක්ක සටහනක් දැම්මා මෙච්චර කල් මම දකින්න හිටියෙ නැත්තෙ ඇයි කියලා ඇහුවා මෙන්න මේකටයි කියලා. අපි නිර්මාණාත්මක ව්‍යංගයෙන් ඒ දේවල් කිව්වේ. ඒක මිනිස්සු වැරදියට තේරුම් අරන්.”

මේ විදියටයි දුලීකා මාරපන අදහස් දක්වලා තිබුණේ. ඇය සදහන් කරලා තිබුණේ ඇයට හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරලා තිබුණා කියලයි. කොහොම වුනත් ඇගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි කවුරුත් ඇයට සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *