Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම ඔස්ට්‍රේලියාවට ඇවිත් අවුරුදු 10 ක් වෙනවා, මගේ ආහාර රෙසිපියට රන් සම්මානයක් ලැබුණා

දොන් ශර්මන් කියන්නේ අපේ රටේ ජනප්‍රිය නාමයක් තිබුණු සූපවේදියෙක්. ඒවගේම සුපවේදියෙක් පමණක් නෙමෙයි ඔහු ගීත ගායනා කරන්නත් දක්ෂ කෙනෙක්. ඉතින් මේ වන විට ලංකාවෙන් එහා දුරු රටක ජීවත් වෙන දොන් ශර්මන් ගැන මාධ්‍ය විසින් කතා කරන්නට පටන් ගත්තා. ඔස්ට්‍රේලියාවේ මේ වන විට ජීවත්වෙන දොන් ශ්‍රී ලාංකීය නාමය ඉදිරියට ගෙන යාම නිසා.

ඉතින් කැන්ගරු දේශයේ සිටිමින් ලංකාවට කීර්ති නාමයක් ගෙනදුන් දොන් ශර්මන් ගැන මාධ්‍ය කතා කරන්නට වුණු හේතුව වන්නේ ඔහුගේ ආහාර රෙසිපියකට රන් සම්මානය හිමි කර ගැනීමට සමත්කම් දක්වපු නිසයි. ඉතින් ඒ ගැන දොන් එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මම ඔස්ට්‍රේලියාවට යන්න ඉල්ලුම් කලේ 2008 වසරෙදි. නමුත් මට වීසා ලැබෙන්නේ 2013 වසරෙදි. මම දැනට අවුරුදු 10ක් වෙනවා ඔස්ට්‍රේලියාවට ඇවිත්. දැන් මම ඔස්ට්‍රේලියාවේ පෞද්ගලික සූප ශාස්ත්‍රය පිළිබඳ ව ආචාර්ය වරයෙක් සහ අගය කිරීමේ නිලධාරියෙක් ලෙස කටයුතු කරනවා. මම මෙහේ සංගම් දෙකක සාමාජිකයෙක් විදියට ඉන්නවා.

මම රන් සම්මානයකින් ජයග්‍රහනය කල තරගය පැවැත්වූයේ ඔස්ට්‍රේලියානු සූපවේදීන් ගේ සංගමය විසින්. ඒක ඔන්ලයින් විදියට තමයි තිබුණේ. ඔවුන්ගේ නිෂ්පාදන 50%ක් භාවිතා කරලා රෙසිපියක් හදන්න. ඉතින් මේක හදලා youtube වල ප්‍රදර්ශනය කළා ම කලාම ඒකට වැඩිම like වැටුණු හොඳම රෙසිපිය ලෙස මගේ නිර්මාණය රන් සම්මානය හිමි වුණා. ඒ සඳහා මට ඉතාලි සංචාරයක් සඳහා ද අවස්ථාව ලැබුණා.”

ඉතින් මේ විදියටයි ලාංකීය නම ලෝකයේ බැබලවූ දොන් ශර්මන් සූපවේදියා අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *