මම ඉස්කෝලේ ශිෂ්‍ය නායිකාවක්, අපේ තාත්ති මගේ කොල්ලා කියලා අපේ යාලුවෝ හිතුවේ
‘හිරු මෙගා ස්ටාර්ස්’ නර්තන තරගාවලියේ ප්‍රථම ස්ථානය ලබා ගනිමින් කිරුළු පැළදූ ඇය සුරූපි නිළි ඩිස්නි රාජපක්ෂයි. ඩිස්නි කියන්නේ රංගනය වගේම නර්තනයටත් උපන් හපන්කම් දක්වන කෙනෙක්. ඒ වගේම ඇයව මේ දිනවල දැක ගන්න පුලුවන් හිරු ස්ටෙප් අප් වේදිකාවේ විනිසුරු මඩුල්ලේත්. නර්තනය ගැන දක්ෂතා දක්වන ඩිස්නි එහි විනිසුරු මඩුල්ල නියෝජනය කරනවා වගේම ඇය දරුවන්ට වටිනා උපදෙස්ද ලබා දෙනවා.

ඉතින් ඒ විතරක් නෙමෙයි ඩිස්නි රාජපක්ෂව අපිට දැක බලා ගන්න පුලුවන් පුංචි තිරය හරහා අපේ ආලින්දයට එන ‘ලංවී’ ටෙලිනාට්‍යයේ. මේ විදියට නර්තනයට වගේම දක්ෂ ඩිස්නි පාසල් කාලයේ සුන්දර අත්දැකීම් සමුදායකට මුහුණ දීලා තියෙනවා. ඉතින් තාත්තට හොරෙ කිසි දෙයක් කරන්න බැරි ඩිස්නි ඇගේ සුන්දර ළමා කාලය ගැන මේ විදියටයි එක්තරා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.
” මම අවුරුදු13ක්ම පාසල් එක්කන් ගියේ ආපහු එක්කන් ආවේ අපේ තාත්තා. අමතර පන්ති තියෙන දවසට ඉස්කෝලෙට ඇවිත් මාව පන්තියට එක්කන් යන්නෙත් කෑම ගෙනත් දෙන්නෙත් තාත්තී. මගේ පස්සෙන් කොල්ලෙකුට එන්නත් බෑ මට කොල්ලෙක් දිහා හැරිලා බලන්නත් බෑ. ඒ දවස් වල මම ආසයි තනියම යන්න අපිකෙල්ලොනෙ.

අපේ තාත්ති ලස්සනට අදිනවා ඒ කාලේ හරිම ලස්සනයි අනික තරුණයි. ඉතින් තාත්ති මට කෑම එක ගෙනත් දෙනකොට කට්ටිය හිතලා මගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා. මම ඒ කාලේ ඉස්කෝලේ ශිෂ්‍ය නායිකාවක්. ඊට පස්සේ මම කියනවා ඒ මගේ තාත්ති කියලා.”
මේ විදියටයි සුරූපි නිළි ඩිස්නි රාජපක්ෂ ඇගේ පාසල් කාලය ගැන කියලා තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.