Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මට විවාහ වෙන්න තව වයස තියෙනවා, මම ජිම් යනවනෙ

මේ දිනවල නිතරම පුංචි තිරය හරහා දැක ගන්න ඉන්න ඇය රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක්. ඒ සුරූපිනිය තමයි ඩිස්නි රාජපක්ෂ කියන්නේ. ඇයව මේ දිනවල දැක ගන්න පුලුවන් ටෙලිනාට්‍යය විදියට හිරු නාලිකාවේ විකාශය වෙන ‘ලංවී’ ටෙලිනාට්‍යය හරහා වගේම ‘කී’ නාට්‍යයේ.

ඉතින් ඒ වගේම ඇය හිරු නාලිකාවේ ස්ටෙප් අප් තරගාවලියේ විනිසුරු මඩුල්ලේ සාමාජිකාවක් බවට පත් වෙලා. ඩිස්නි රාජපක්ෂ එකිනෙකට වෙනස් වූ චරිත ද්විත්වයකින් ප්‍රේක්ෂකයා හමුවට එන්නේ. ඉතින් රංගනයට අමතරව වගේම ඇය ක්‍රීඩාවන් විදියට බාස්කට් බෝල් ක්‍රීඩා කරනවා.

මේ විදියට වැඩ කටයුතු කරන ඩිස්නි රාජපක්ෂ ආදරය ගැන සහ ඇගේ ජීවිතය ගැන කිව්වේ මේ වගේ අදහසක්.

” මම කොහොමත් ගොඩක් වැඩ කරන කෙනෙක්. රංගනය, නර්තනය, ක්‍රීඩා මේ හැමදේම කරනවා. ඒ වගේම මම ජිම් එකට ගිහින් ව්‍යායාම කරනවා. මම බාස්කට් බෝල් කරන්නේ ඉස්කෝලේ යන කාලේ ඉදන්. ආදරේ ගැන මම හිතන්නේ තව කල් තියෙනවා කියලා. මට තව වයසත් තියෙනවනෙ. අපේ රටේ විවාහයට වයසක් සීමා කරලා තියෙනවනෙ. මම තව කරන්න තියෙන වැඩ ටික කරලා තමයි සැනසිල්ලේ විවාහය ගැන හිතන්නෙ.’’

මේ විදියටයි ඩිස්නි රාජපක්ෂ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *