Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම මනාලියන්ට 2000ස් වතාවක් ඇදලා තියෙයි, මනාලියක් විදියට 3 වතාවට වඩා ඉන්න හොද නෑ වස් වදිනවලු

වෙළද දැන්වීම් සහ ගීතමය රූප රචනා හරහා කලා ක්ශේෂ්ත්‍රයට ආව ඇය දිනූෂා සිරිවර්ධන. නිරූපන ශිල්පිනියක් විදියට මනාලියක් ලෙස හැඩගැන්වුනු දිනූෂා ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘නෙතූ’ ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වුණා. ඉන් අනතුරුව කලා ක්ශේෂ්ත්‍රයේ වැඩිපුර දැක ගන්න නොලැබුණු දිනූෂා ඉන් අනතුරුව තමයි විවාහ වෙන්නේ.

ඇය විවාහ වෙන ඇගේ සැමියා කලා ක්ශේෂ්ත්‍රයට සම්බන්ධ කෙනෙක් නිසා ඇයට කලා කටයුතු වලට කිසිම බාධාවක් ඇති වුණෙ නෑ. නමුත් ඇය ආදරණීය මවක් වුණ නිසා කලා කටයුතු වලින් කාලයකට සමු ගන්න සිදු වුණා. දැන් දිනූෂගේ ආදරණිය දියණියට වයස අවුරුදු දෙකයි. කොතන ගියත් දිනූෂගේ දියනිය ආරාධ්‍යා ෂයිනිට ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහලින්ම ලැබෙනවා.

ඉතින් දග මල්ලක් එක්ක සතුටින් කල් ගෙවන දිනූෂා මේ වන විට වැඩි පුර පුංචි තිරය හරහා දැක ගන්න නොලැබුණත් ඇයව නිරූපිකාවක් විදියටනම් අපිට දැක ගන්න ලැබෙනවා. ඒ ගැන දිනූෂා මේ විදියටයි එක්තරා පුවත්පතකට අදහස් දක්වලා තිබුණෙ.

” මම මනාලියක් විදියට දෙදහස් වතාවක් විතර ඇදලා තියෙයි. සමහරක් කට්ටිය කියනවා එහෙම අදින්න තැල්ල තියන්න හොද නැහැ කියලා. වස් වදිනවලු. නමුත් මගේ අක්කත් නිරුපිකාවක් විදියට එහෙම කලා. මගේ අම්මත් කැමතියි මම මනාලියක් විදියට නිරූපනය කරනවට. ඒ මතවල සත්‍ය තාවයක් නෑ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *