මම ආසයි හේමාල් අයියයි දුෂේනි අක්කයි හැබැහින් මුණ ගැහිලා සෙල්ෆි එකක් ගහන්න
2019 වසරේ චන්දිමාල් සහ ඉන්දුමාලා පැවැත්වූ අවුරුදු කුමරි තරගයෙන් දෙවැනි ස්ථානය ලබා ගනිමින් රංගන ක්ශේෂ්ත්‍රයට ආපු ඇය රංගන ශිල්පිනී දිනුකි අතපත්තු. ඇය කුඩා කාලයේ ඉදලම ගුවන් සේවිකාවක් වෙන්න කැමැත්තෙන් හිටියත් ඒ සදහා දිනුකිට ගෙදරින් අවසරය නොලැබෙනවා. නමුත් රංගන ක්ශේෂ්ත්‍රයට ඇය පිවිසෙනවට ඇගේ දෙමව්පියන් විසින් කිසි කැමැත්තක් නොදැක්වූවත් හැමතැනටම දිනුකි අම්මත් එක යන නිස ඇගේ තාත්තා ඊට ඉඩ දීලා තියෙනවා.

ඉතින් දිනුකි මුල් කාලයේ නිරූපණ ක්ශේෂ්ත්‍රයේ වගේම වෙළද දැන්වීම් බොහොමයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉතින් ඇය ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘ දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යයේ ඉතා සුළු චරිත රංගනයකට දායක වුණත් ප්‍රේක්ෂක ආකර්ෂණය ඇයට එය තුලින් ලබා ගන්නට නොහැකි වෙලා තියෙනවා.
ඉතින් නවක රංගන ශිල්පිනී දිනුකි අතපත්තු මේ වන විට ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ දුරුතු ක්‍රියේෂන්ස් විසින් නිෂ්පාදිත ‘හිච්චි’ ටෙලිනාට්‍යය. ඉතින් දිනුකි ඇගේ ජීවිතයේ තොරතුරු මේ විදියටයි ප්‍රේක්ෂකයන් සමගින් හුවමාරු කරගෙන තිබුණේ.

” මම රැකියාවක් කරමින් තමයි රංගන කටයුතු කලේ. ඒත් වැඩ කරන තැනින් නිතරම නිවාඩු ගන්න වෙන නිසා මම එතනින් අයින් වුණා. මම දිගටම රගපාන්න කැමතියි. ඒ අතරතුර වැඩිදුර අධ්‍යාපනය හදාරන්නත් සූදානමින් ඉන්නේ. මම නවක රංගන ශිල්පිනියක් වුනත් මට ප්‍රවීන අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මම ටිකක් නපුරුයි. හැබැයි ඉක්මනින්ම සංවේදි වෙනවා. මට ඇඩෙනවා පොඩි දේටත්. මම කැමතිම නළුවා හේමාල් රණසිංහ. අක්කා දුෂේනි මියුරංගි. මේ දෙන්නව මට කවදාවත් මූණට මුණ ගැහිලා නෑ. ඒත් ආසාවෙන් ඉන්නවා සෙල්ෆි එකක් ගන්න.”
මේ විදියටයි නවක රංගන ශිල්පිනී දිනුකි අතපත්තු ඇගේ අදහස් දක්වලා තිබුණේ.