Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

සමහරු අහනවා තේ අල්ලන කෙනෙක්ට මොකටද මෙච්චර පඩි ගෙවන්නෙ කියලා

අපේ කලා ක්ශේෂ්ත්‍රය තුළ දකින්න ලැබෙන මේ දිනවල ඉතාම ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි දිනිති වල්ගමගේ කියන්නේ. ඇය පුංචි තිරයට වගේම සිනමාව තුළත් විවිධ චරිත හරහා ප්‍රේක්ෂක අපි අතරට එනවා. ඉතින් දිනිති ගැන කවුරුත් දන්නේ මේ වන විට ඇය පෙම්වතියක් කියලා.

ඇගේ ආදරණීය පෙම්වතා ගැනත් ප්‍රේක්ෂක අපි හොදටම දන්නවා. තාරුණ්‍යයේ කඩවසම් රංගන ශිල්පියෙක් වන සුරංග සතරසිංහගේ ආදරණීය එකම පුතා සංගීත් සතරසිංහ කියලා. ඉතින් දිනිති සහ සංගීත් ඔතා සතුටින් කාලය ගත කරනවා. සංගීත් දිනිතිට බොහොම වටිනා තෑගිත් ලබා දෙනවා අපිට සංගීත්ගේ යූ ටියුබ් නාලිකාව හරහා දැක ගන්න පුලුවන්.

ඉතින් මේ වන විට කවුරුත් දිනිති ගැන සමාජ මාධ්‍ය හරහා දකිනවා. ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම දක්ෂ ගුවන් සේවිකාවක්. ඉතින් ගුවන් සේවිකාවකගේ වගකීම ගැන ඇය මේ විදියටයි එක්තරා මාධ්‍ය හමුවකදී අදහස් දක්වලා තිබුනේ.

”ගොඩක් කට්ටිය කියනවා මේ කට්ටිය යන මිනිස්සුන්ට තේ අල්ලන කට්ටියනේ. එයාලට මොකටද මෙච්චර පඩි ගෙවන්නෙ කියලා. තේ අල්ලන එක නෙමෙයි අපේ රස්සාව. අපිට පැවරිලා තියෙන්නේ කොහොමද මගියෙක් පරිස්සමට වෙනත් රටකට ගෙනියන්නේ කියලා. අපි ජීවිත ගණනාවක් බේරගෙන තියෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *