අපේ පරම්පරාවෙ කිසිම විනයක් නෑ, සාරංග දිසාසේකර කියන්නේ හොදම සපෝර්ටිව් කෙනෙක්
දක්ෂ රංගන ශිල්පිනියක් වගේම වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වන ඇය කවුරුත් දන්න හදුනන ජනප්‍රිය චරිතයක් වන දිනිති වල්ගමගේ. ඇය පුංචි තිරයේ වගේම සිනමාව තුලින්ද ප්‍රේක්ෂක ආදරය සහ ආකර්ෂණය ලබා ගත්ත කෙනෙක්.
කොතන ගියත් සමාජ මාධ්‍ය තුළත් වැඩි පුර කතා බහට ලක්වෙන ඇයට ප්‍රේක්ෂක ප්‍රතිචාර හොද ඒවා වගේම විවේචනයන් වලටද මුහුණ දෙන්නට සිදු වෙනවා. ඉතින් දිනිති ගැන මෑතකදී හැමෝම කතා වෙන්නට වුණේ ඇගේ සහ ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියෙක් වන සංගීත් සතරසිංහ සමගින් තිබුණු ප්‍රේම සම්බන්ධතාවයයි.

සංගීත් දිනිතිට වාහනයක්ද තෑගි කලා. මේ හැමදේම ඔවුන් සංගීත් සතරසිංහගේ යූ ටියුබ් නාලිකාව හරහා ප්‍රේක්ෂකයන් සමගින් හුවමාරු කරගත්තා. ඒ නිසා සමාජ මාධ්‍ය භාවිතා කරන ප්‍රේක්ෂකයන් දිනිති සහ සංගීත් එදිනෙදා ජීවිකාව ගෙන යන ආකාරය ගැන හොදින්ම දන්නවා. ඉතින් කලා ජීවිතය තුළදී සහයෝගයෙන් වැඩ කරන්නට පුලුවන් රංගන ශිල්පීන් ශිල්පිනියන් ගැන දිනිති කිව්වේ මේ වගේ අදහසක්.

” ජයලත් මනෝරත්න සර් අවසාන රංගන දායකත්වයට මටත් සහභාගි වෙන්න අවස්ථාව ලැබීම මට ලොකු භාග්‍යක්. මොකද මම එතුමන්ගේ දුවට තමයි රංගනය කලේ. ඉතින් මම හිතන්නේ එතුමන්ගෙන් අපිට අපේ කලා ගමනට එකතු කරගන්න තියෙන දෑ බොහෝයි. ඩිසිප්ලින්, සෙට් එකේ ඉන්න ඕන විදිය හැම දෙයක්ම එතුමන්ගෙන් ඉගෙන ගන්න පුලුවන්. අපේ පරම්පරාවට කිසිම විනයක් නෑනෙ. සාරංග, හේමාල්, බිමල් ජයකොඩි වගේ රංගන ශිල්පීන් සමගින් ඉතා සහයෝගයෙන් රංගනය කරන්න පුලුවන්. ඒක පහසුයි.”