Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මට පීනන්න බැරි වුනාට මගෙ වයිෆ්ට හොදට පීනන්න පුලුවන්

ජනප්‍රිය ගායන තරුවක් විදියට ලංකාවේ කොයි කවුරුත් ආදරේ කරන ආදරණීය ගායන ශිල්පියෙක් තමයි දිනේෂ් තරංග කියන්නේ. ඔහුගේ හඩට ගොඩක් දෙනා ආදරය කරන නිසාම ඔහුගේ හඩ කවුරුත් ප්‍රසංග වේදිකාව තුළ බලාපොරොත්තු වෙනවා. ඉතින් ජනප්‍රිය ගායක දිනේෂ් තරංග ඔහුගේ මේ වන විට ඔහුගේ ගීත ගණනාවක්ම ප්‍රේක්ෂකයාට රස විදින්න අවස්ථාව ලබා දීලා තියෙන්නේ.

විවාහ වෙලා දරුවන් සහ බිරිද එක ඉතා සතුටින් ජීවත් වෙන දිනේෂ්ගේ ආදරණීය බිරිද රැන්ඩෙලා ගැන සමාජ මාධ්‍ය නිතරම කතා බහ කරනවා. ප්‍රේක්ෂකයන්ගේ විවිධ නරක කමෙන්ස්ට් වලටද ඇයට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඉතින් මිනිසුන් මොන කතා කිව්වත් ඉතා සතුටින් තමයි දිනේෂ් තම පවුලත් එක්ක ගත කරනවා.

ඉතින් දිනේෂ් වතුරට ගොඩක් බයයි කියලා එක්තරා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණා. ඒ ගැන ජනප්‍රිය ගායක දිනේෂ් තරංග මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” මම වතුරට මාර බයයි. ඒ මම වතුරෙ ගිලිලා හිර වෙලා හිටියා. මට වතුරත් පෙවුනා. මට හොදටම පීනන්න බෑ. ඒත් මගේ වයිෆ්ට පීනන්න පුලුවන්. ඒ නිසා මම කියලා තියෙන්නේ මම වතුරෙ ගිලුනොත් බේර ගන්න කියලා.”

මේ විදියටයි දිනේෂ් තරංග අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *