Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම අක්කා කෙනෙක් බදින්නැතුව නංගි කෙනෙක් බැන්දනම් අද වෙනකොට කසාද කීපයක් කරලා

ලංකාවේ ඉන්න ජනප්‍රිය ගායන ශිල්පියෙක් විදියට ඔහුගේ හඩට ආදරය නොකරන කෙනෙක් නැති තරම්. ඒ තරමට දිනේෂ් තරංගගේ ඒ මියුරු හඩට අපි හැමෝම ආකර්ෂණය වෙලා. ඉතින් ලයාන්විත ගීත ගායන කරන දිනේෂ් තරංග මේ දිනවල සමාජ මාධ්‍ය තුල වැඩිපුර කතා බහට ලක් වෙන කෙනෙක්. ඉරණම් ගමනේ, හැදුනද රිදුනද, සංසාරේ සුභ ගමන්, මා නුඹට පෙම් කලේ වැනි ගීත ඔහුගේ ගීතයන්.

ඉතින් දිනේෂ් විවාහ වෙලා ඉන්නෙ ඔහුට වඩා අවුරුදු 9 ක් වැඩි මහල් කෙනෙක් සමගයි. ඉතින් ඒ ගැන මේ වෙනකොට නොදන්න කෙනෙක් නෑ. ඒ නිසාවෙන්ම මේ යුවලට සමාජ මාධ්‍යයේ විවිධ විවේචනයන් අහන්න ලැබෙනවා. ඉතින් දිනේෂ් සහ ඔහුගේ ආදරණීය බිරිද රැන්ඩෙලා යුවළට මේ වන විට දරුවන් දෙදෙනෙකුගෙන් යුත් සුන්දර කැදැල්ලක් හිමියි.

ඉතින් සුන්දර පවුල් ජීවිතයක් ගත කරන දිනේෂ් තරංග රැන්ඩෙලා ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුනේ.

” මම අද මගේ වෘත්තීමය වශයෙන් මේ තැන ඉන්නේ රැන්ඩෙලා නිසා. මොකද එයා මට වඩා වයසින් වැඩිමහල් වගේම මට වඩා සමාජය පිලිබදව අත්දැකීම් ගොඩක් තියෙයි. ඉතින් ඒ නිසා මට එයා එක්ක පවුල් ජීවිතය ගත කරන්න හරි පහසුයි. එයා මගේ පිටි පස්සෙන් ඉදලා හැමදේම කරලා දෙන්නේ හරියට අම්මෙක් වගේ. ඉතින් මම එයාව නොබැද නංගි කෙනෙක්ව එහෙම බැන්දනම් අද වෙනකොට මම කසාද කීපයක් කරගෙන. ඒ නිසා මම අද සතුටු වෙනවා රැන්ඩෙලාව බැදලා ඉන්න එක ගැන.”

මේ විදියටයි ජනප්‍රිය ගායක දිනේෂ් තරංග ඔහුගේ බිරිද රැන්ඩෙලා ගැන අදහස් දක්වලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *