මම හැමදාම දිනේෂ්ට කියනවා මාව එයාට ගැලපෙන්නැත්නම් කෙලින්ම මට කියන්න කියලා
ගායන ශිල්පියෙක් විදියට කාගේත් ආදරය ලබා ගත්ත ඔහු ජනප්‍රිය ගායන ශිල්පී දිනේෂ් තරංග. දිනේෂ් ගායනා කරන ගීත අතර සංසාරේ සුබ ගමන්, මනමාල සිතක්, ඔබෙන් මිදිලා, හැදුනද රිදුනද,මා නුඹට පෙම් කලේ වැනි ගීත ගණනාවක්ම ඔහු ගැයූ රසිකයින් ආදරෙන් වැළද ගත්ත ගීතයන්.
ඉතින් දිනේෂ් තරංග සහ ඔහුගේ ආදරණීය පවුල ගැන සමාජ මාධ්‍ය හරි උනන්දුවෙන් කතා කරනවා. මේ වෙනකොට දිනේෂ් තරංගගේ බිරිද හැමෝම දන්න කෙනෙක් වෙලා. එයට හේතුව දිනේෂ්ගේ බිරිද රැන්ඩෙලා දිනේෂ්ට වඩා අවුරුදු 9 කින් වැඩි මහල්. ඒ හේතුව නිසාම ජනප්‍රිය ගායකයෙකුගේ බිරිදක් වන රැන්ඩෙලාට සමාජ මාධ්‍ය හරහා විවිධ විවේචන එල්ල වෙනවා.

ඉතින් ඒ විදියට දිනේෂ්ගේ මුහුණු පොතට ප්‍රේක්ෂකයෙක් දැමූ ප්‍රතිචාරයක් ගැන මේ විදියටයි රැන්ඩෙලා එක්තරා මාධ්‍ය හමුවකදී කියලා තිබුණේ.
” දිනේෂ්ගේ ෆොටෝ එකකට එක්කෙනෙක් කමෙන්ට් කරලා තිබුණා මට ඔයා ඔතනින් යන්න. දිනේෂ්ට තරුණ සුකුමාල තරුණියක් විවාහ කර ගන්න ඉඩ දීලා කියලා. මම ඉතින් ඒ කමෙන්ට් එක දැක්ක ගමන් ගිහින් බැලුවා ඒ ගෑණු ළමයගේ ප්‍රොෆයිල් එකට. නෝ ජොබ් කම්පැනී. ඔහොමයි එයාගේ ප්‍රොෆයිල් එක. ඉතින් මම එයාට මැසේජ් එකක් දැම්මා මම මෙච්චරකල් දිනේෂ්ට කිව්වා ඇහුවෙ නෑ. මේක දිනේෂ්ගේ නම්බර් එක ඔයාවත් කියලා බලනවද කියලා. මම හැමදාම දිනේෂ්ට කියනවා ඔයාට මම එක්ක ඉන්න බෑ කියලා හිතෙනවනම් කියන්න ඒ ප්‍රතිචාරය බාර ගන්න මම දැන් පරිණතයි කියලා. ”

මේ විදියටයි ජනප්‍රිය ගායක දිනේෂ් තරංගගේ ආදරණීය බිරිද අදහස් දක්වලා තිබුණේ.