Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මට කට ඇදවෙලා තිබුණත් කමක් නෑ, සුදු පාටට ඉන්නවනම් 100%ක් මම කැමති

මේ දිනවල ප්‍රාසාංගික වේදිකාව තුළ නැතුවම බැරි ගායකයෙක් විදියට හදුන්වන්න පුලුවන් ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි දිනේෂ් තරංග කියන්නේ. ඔහු ගායනා කරන ගීත මේ වන විට රසිකයින් ආදරයෙන් වැළදගත්ත ගීතයන්. සංසාරේ සුබ ගමන්, මනමාල සිතක්, ඔබෙන් මිදිලා, හැදුනද රිදුනද, අහන්න ඔයා වැනි ගීත ගණනාවක් ඔහු ගායනා කල ගීතයන්.

ඉතින් දිනේෂ් තරංග ආදරණීය ගායන ශිල්පියා සහ ඔහුගේ බිරිද ඇතුළු සිය පවුලම සමාජ මාධ්‍යයේ වැඩි පුර කතා බහට ලක් වෙන පිරිසක්. ඉතින් ප්‍රේක්ෂකයන්ගෙන් විවිධ දේ අහන්නට සිදු වෙන දිනේෂ් සහ ඔහුගේ බිරිද රැන්ඩෙලා කවුරු මොනවා කිව්වත් ඔවුන්ගේ ජීවිතය උපරිමයෙන් විදින දෙන්නෙක්.

දිනේෂ්ගේ බිරිද දිනේෂ්ට වඩා වයසින් වැඩිමහල් නිසා තමයි ප්‍රේක්ෂක ප්‍රතිචාර විවිධ වෙන්නේ. ඉතින් ඒ කොහොම වුණත් දිනේෂ් තරංග සහ බිරිද ඉතා සතුටින් ජීවත් වෙනවා. ඒ ගැන ඔහු මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මටනම් පොත්ත සුදුයිනම් මම 100% ක්ම කැමතියි. ඒක අනිවාර්යයි. මොකද මම ආසම සුදු අයට. කටඇදවෙලා දත් ඇඹරිලා තිබුණත් පොත්ත සුදුනම් අවුලක් නෑ. කටුවලත් තියෙනවා රහක්.’’

මේ විදියටයි ජනප්‍රිය ගායක දිනේෂ් තරංග ඔහුගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *