මගෙ අම්මගෙයි තාත්තගෙයි අම්මලා දෙන්නා අක්කයි නංගියි, එහෙම බදින්න හොද නෑ කියනවා
ගායන රියැලිටි තරගාවලියක් හරහා සංගීත ක්ශේෂ්ත්‍රයට ආපු ඔහු ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන දිනේෂ් තරංග. දිනේෂ් ගායනා කරන ගීත අතර සංසාරෙ සුබ ගමන්, මනමාල සිතක්, හැදුනද රිදුනද, අහන්න ඔයා,මා නුඹට පෙම් කලේ, ඉරණම් ගමනේ, මීවිත පිරුණා වැනි ගීත හරහා මේ වන විට ඉතා ජනප්‍රියත්වයක් ලබා ගත්තද ඔහු මේ ගමන ආවේ ඉතාම දුෂ්කර අභියෝග වලට මුහුණ දෙමින්.

සංගීතය ජීවිතය කරගනිමින් හිටපු දිනේෂ් මේ වන විට විවාහ වෙලා ආදරණීය පියෙක්. ඔහුගේ බිරිද ගැන සමාජ මාධ්‍ය නිතරම කතා බහ කරන්නට වෙනවා. ඒ කොහොම වුණත් ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන දිනේෂ්ගේ සහ රැන්ඩෙලාගේ පවුල් ජීවිතයට මේ වන විට වසර 10කුත් ඉක්මලා. ඉතින් ආදරණීය යුවළ මුණ ගැහිලා තියෙන්නෙ පල්ලියේ ගීතිකා කණ්ඩායමේදී.
ඉතින් මේ සංගීත ගමන තුල ඔහු පසු කරන දුෂ්කරතා නිසා අද ජනප්‍රියත්වයක් ලබා ගත්තද ඔහුට පවුලෙන් ලැබෙන දේකින් නෙමෙයි මේ ගමන ආවේ කියලා දිනේෂ් අදහස් දැක්වූයේ. ඉතින් ගොඩක් දෙනෙක් දන්නැති දිනේෂ්ගේ පවුල පිළිබදව ඔහු මේ විදියටයි එක්ටතරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මගේ අම්මගෙ අම්මයි තාත්තගෙ අම්මයි අක්කයි නංගියි. එහෙම කසාද බදින්න හොද නෑ කියනවා නේද. ලේ නෑකමක් තියෙන නිසා. එහෙම වුනාම දරුවො අස්වාභාවික වෙනවලු. මට ඉන්නෙ නංගියි මල්ලියි. අපි තුන් දෙනාම හොදට ඉන්නවා. අවුලක් නැතුව. ඉස්සර ඔය කතා බොරුවට කියන්න ඇත්තේ. මිනිස්සුන්ගෙ බොරු මත.”
මේ විදියටයි ජනප්‍රිය ගායන ශිල්පී දිනේෂ් තරංග අදහස් දක්වලා තිබුණේ.