Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

කසුන් අයිය දකිද්දි මගෙ ඇගේ මයිල් කෙලින් වෙනවා

අපේ රටේ සංගීත ක්ශේෂ්ත්‍රය තුල දකින්න ලැබෙන ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි දිනේෂ් තරංග කියන්නේ. ඔහු ගායනා කරන ගීත අතර හැදුනද රිදුනද, සංසාරේ සුභ ගමන්,වැහි නොඑනා ඉඩෝරෙකි, ඉරණම් ගමනේ වැනි ගීත ගණනාවක්ම ඔහුගේ ජනප්‍රිය ගීතයන්.

පාසල් කාලයේ පටන් සංගීතයට එන්න කිසිම උවමනාවක් සහ ආසාවක් තිබුනේ නැති දිනේෂ් පාසල් යන කාලේ විෂයක් විදියට හදාරලා තියෙන්නෙ චිත්‍ර විෂය. ඉතින් කොයි විදියකින් හරි සංගීත ක්ශේෂ්ත්‍රයට ඇවිත් මේ වන විට සංගීත ක්ශේෂ්ත්‍රයට අලුත් ගීත ගණනාවක්ම ඔහුට දායක කරන්න අවස්ථාව ලැබුණා.

සංගීතයට ප්‍රිය කිරීමත් එක්ක ඔහු එහි ලෙජන්ඩ්ස්ලා හැටියට කසුන් කල්හාරව ගොඩක් අනුගමනය කලා. ඉතින් ඒ ගැන දිනේෂ් මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” මම හරිම ආස හඩක් තියෙන කෙනෙක් තමයි කසුන් අයියා. එයාගෙ ගීත කටහඩ අහන්න මම හරිම ආසයි. ඒ වගේම එයාගේ ඇකඩමියටත් මම සමබන්ධ වෙන්න හැදුවා ඉගෙන ගන්න තව. නමුත් ඒකට මට අවස්ථාව ලැබුණෙ නෑ. මම හිතන්නේ අපි අපේ අවසානය දක්වා ඉගෙන ගන්න ඕන කියලා. කසුන් අයියව අදටත් දකිද්දි මගේ ඇගේ මයිල් කෙලින් වෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *