Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මාලුන්ට සීතල ඇති කියලා මාලු ටැංකියට හීටරේ ගැහුවා, මේවා අපේ අයියගෙ අදහස්

වර්ථමාන ගායන ක්ශේෂ්ත්‍රය තුල බිහි වුණු නවක තරුවක් විදියට හදුන්වන්න පුලුවන් ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි දිනේෂ් ගමගේ කියන්නේ. දිනේෂ් ගමගේ ගායනා කරන ගීත වලට වර්ථමාන තරුණියන්ගේ ආකර්ෂණය ඉහලින්ම ලැබෙනවා. ඉතින් ඔහු ගායනා කල ගීත අතර වැහි බිදු, දැනෙනා තුරු මා, මන්දාරම් කතාවේ වැනි ගීත ගණනාවක්ම රසිකයින් අතර ඉතා ජනප්‍රිය ගීතයන්.

ඉතින් දිනේෂ් ගමගේ සහ ජනප්‍රිය රංගන ශිල්පිනී ශනුද්‍රි ප්‍රියසාද් සමගින් ප්‍රේම සබදතාවයක් තියෙනවා කියලා මේ වන විට හැමෝම දන්න රහසක් බවට පත් වෙලා. ඉතින් නුවරඑළියේ ඉපදුනු දිනේෂ් ගමගේ කොළඹ ඇවිත් සංගීත ගමන ආරම්භ කරන්නේ තමන්වත් නොහිතපු වෙලාවක. ඉතින් නුවර එලියේ ගත කල සුන්දර ළමා කාලය ගැන මේ විදියටයි ඔහු එක්තරා මාධ්‍ය හමුවකදී අදහස් දක්වලා තිබුණේ.

” මම ඉපදෙන්නෙ නුවර එළියෙ. අපේ ගෙදර හිටියෙ අම්මයි තාත්තයි මමයි අයියයි. මම පොඩි කාලේ අපි හිටියේ රෙන්ට් එකට ගෙයක් අරගෙන. අපේ අම්මා අපි පොඩි කාලේ ඉදලම රට හිටියේ. අම්මා හැම වෙලාවෙම මට ගහගත්ත ගමන්මයි ඒත් තාත්තා ලේසියකට ගහන්නෙ නෑ. මම පොඩි කාලේ අයියා එක්ක ඉන්නකොට අම්මයි තාත්තයි පොළේ ගියාම සෙල්ලම් කරනවා. අපි නුවර එලියෙ ඉන්න නිසා සීතල කාලෙට නාන්නේ උනු වතුර. මාලු ටැංකියේ මාලුන්ට සීතල ඇති කියලා මමයි අයියයි මාලු ටැංකියට හීටරේ ගැහුවා. මේවා ගොඩක්ම අපේ අයියගේ අදහස්.”

මේ විදියටයි ජනප්‍රිය ගායක දිනේෂ් ගමගේ තමන්ගේ සුන්දර ලමා කාලය ගත කල ආකාරය ගැන කියලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *