Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම පොඩි කාලේ ගොඩක් කලු නිසා කවුරුවත් මාව රගපාන්න ගත්තෙ නෑ

අපේ රටේ කොයි කවුරුත් දන්න කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පිනියක් විදියට හදුන්වන්න පුලුවන් කෙනෙක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. කලා ආභාෂය කුඩා කාලයේ ඉදලම ලැබුණු දිනක්ෂි ළමා නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් වගේම කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජනප්‍රිය චරිතයක්. ඉතින් සහෝදරියන් දෙදෙනෙක් ඉන්න දිනක්ෂි පවුලේ ලොකුම දුවයි.

මේ වන විට රංගන ක්ශේෂ්ත්‍රයේ ඉන්න කැපී පෙනෙන චරිතයක් විදියට හදුන්වන්න පුලුවන් කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සාරංග දිසාසේකර කියන්නේ. සාරංග සමගින් විවාහ වෙලා ඉන්න දිනක්ෂි මේ වන විට උතුම් මව්පදවිය ලබන්න වාසනාවන්ත වුණා. සාරණ්‍යා බබාගේ හුරතලයත් එක්ක ප්‍රියසාද් පවුලට පළමුවෙන්ම ආව මිණිබිරිය ඇයයි.

ඉතින් කලා පවුලක් වන ප්‍රියසාද් පවුල කියන්නේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන දිනේෂ් ප්‍රියසාද්ගේ පවුලයි. ඉතින් තම දුවලා තුන් දෙනත් කලාවටම සම්බන්ධ කරවීම ගැන ඔහු බෙහෙවින් සතුටට පත් වෙනවා. දිනක්ෂි කුඩා කාලයේ ක්ශේෂ්ත්‍රයට පිවිසුණු ආකාරය ගැන කිව්වේ මේ විදියටයි.

” මම පොඩි කාලේ රගපෑවේ නෑ. ගොඩක් ලැජ්ජා කෙනෙක්. හැමෝම හිතුවේ තාත්තා ක්ශේෂ්ත්‍රයේ නිසා මටත් පුලුවන් ඇති කියලා. නමුත් මට රගපාන්න බෑ. අම්මා මාවයි නංගිලා දෙන්නවයි නිතරම ස්ක්‍රීන් ටෙස්ට් වලට එක්කන් යනවා. මම පොඩි කාලේ ගොඩක් කලුයි කෙට්ටුයි. ක්‍රීඩා කරපු නිසා වෙන්න ඇති. ඒ වුනාට නංගිලා දෙන්නා සුදුයි මහතයි ලස්සනයි. එයාලා දෙන්නා ස්ක්‍රීන් ටෙස්ට් වලින් සිලෙක්ට් වුනාට මාව සිලෙක්ට් වෙන්නෙ නෑ.”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී දිනක්ෂි ප්‍රියසාද් අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *