අපිටම කියලා ගෙයක් ගන්න මම අවුරුදු 10ක් රෑ දවල් නැතුව නිදිමරාගෙන වැඩ කලා
අපේ රටේ කලා පවුල් අතරින් ජනතාවගේ ආදරය සහ වැඩි ආකර්ෂණයක් යොමු වෙලා තියෙන කලා පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නෙ. ප්‍රියසාද් පවුලේ දියණියන් තුන් දෙනාම කලා ලොවේ අපි කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියන්.
ඒ අතරින් ප්‍රියසාද් පවුලේ ලොකු දුව දිනක්ෂි ප්‍රියසාද්, දෙවැනියා ශේෂාද්‍රි ප්‍රියසාද් සහ බාලම කෙනා තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ. ඉතින් රටක් ලෝකයක් ආදරය කරන මේ සුරූපිනියන් තුන් දෙනාගෙන් දෙදෙනෙක් මේ වන විට විවාහ වෙලා ඉන්නේ. ප්‍රියසාද් පවුලේ ලොකු දුව දිනක්ෂි ප්‍රියසාද් තමයි කලා ලොවේ කවුරුත් ආදරය කරන සාරංග දිසාසේකර සමගින් විවාහවෙලා ඉන්නේ.

ඉතින් සාරංග සහ දිනක්ෂිගේ සුන්දර කැදැල්ල තවත් ලස්සන කරන්න එකතු වුණේ සාරන්‍යා සුරංගනාවියයි. ඉතින් ප්‍රියසාද් පවුලේ ලොකු දුව විදියට දිනක්ෂි වගකීම් සහගතව පවුල වෙනුවෙන් වැඩ කටයුතු කලා. ඒ ගැන ඇය මේ විදියටයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මට අවුරුදු 28ක් වෙනකම් අපි හිටියේ කුලී ගෙවල්වල. මට ඕන වුනා අපිටම කියලා ගෙයක් ගන්න. ඒ වෙනුවෙන් මම ගොඩක් මහන්සි වුනා. මම දැක්කා අම්මා අපි තුන්දෙනා වෙනුවෙන් මහන්සි වෙනවා. මම අවුරුදු 10 ක් රෑ දවල් නැතුව මහන්සි වෙලා වැඩ කලා. ඒ කාලේ ට්‍රිප් එකක්වත් ගියේ නැ. පස්සේ නංගිලත් මමත් එක්ක එකතු වුනා. අවසානේ 2017 අවුරුද්දෙ තමයි අපිටම කියලා ගෙයක් ගත්තේ. මම බුදුන් වහන්සේගේ ජේසුස් වහන්සේගේ දර්ශනය අනුව තමයි ජීවත් වෙන්නේ.”