මේ අවුරුද්ද මැද විවාහ වෙන්න ඉන්නේ, මගේ කොන්ඩෙ මට ආභරණයක්
කොන්ඩෙ දිග දිලිනි කිව්වම කලා ක්ශේෂ්ත්‍රයේ කවුරුත් ආදරය කරන ඒ රංගන ශිල්පිනිය තමයි දිලිනි ලක්මාලි කියන්නේ. 2008 වසරේ ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමරිය ලෙසින් කිරුළු පලදින්නට වාසනාවන්ත වුණු දිලිනිගේ පළමු ටෙලිනාට්‍යය රංගනය තමයි ‘පිනි බිංදු’ කියන්නේ. ඉන්පසු කප්සුවහස්කල්, මද්දහන වැනි ටෙලිනාට්‍යය ගණනාවක රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ වන විට දිලිනි ටෙලි නිර්මාණ 45කට පමණ තම රංගන දායකත්වය ලබා දීලා තියෙනවා.

ඉතින් කොඩෙ දිග දිලිනි ලක්මාලි රංගන ශිල්පිනිය සම්මානනීය රංගන ශිල්පිනියක්. මේ දිනවල දිලිනි රංගනයෙන් දායක වෙන හිත කග හිනැහුනා ටෙලිනාට්‍යය. ඇය තවම සිනමා නිර්මාණ දෙකකට පමණයි තම රංගන දායකත්වය ලබා දීලා තියෙන්නේ. ඉතින් ඇගේ කොන්ඩෙ ඇගේ ජීවිතේට අනන්‍යතාවයක් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ ගැන දිලිනි දැක් වූයේ මේ වගේ අදහසක්.
” මගේ කොන්ඩෙ මගේ රංගන ජීවිතයට වගේම පෞද්ගලික ජීවිතයටත් ආභරණයක්. කොන්ඩේ දිග නිසාම මට වැඩි හරියක් ලැබුනේ ගැමි චරිත. මට ලැබිලා තියෙන දේ හැමෝටම ලැබෙන්නේ නෑ. කොන්ඩෙ අගය තේරෙන්නේ එලියට ගියාම. මම මෙහෙණින් වහන්සේලාට රඟපාල තියෙනවා දෙපාරක්. නමුත් වේශ නිරූපන ශිල්පියාට ගොඩක් අමාරු වෙනවා මගේ කොණ්ඩෙ වහලා තට්ටෙ හදන්න. ඒකට ලොකු වෙලාවක් යනවා.

මුල් කාලයේ මට හිතුනා කොන්ඩේ දිග නිසා මට එක වගේම චරිත ලැබෙන්නේ කියලා. මේ අවුරුද්දේ මැදදි මම විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එයා රංගන ක්ශේෂ්ත්‍රයේ කෙනෙක් නෙවෙයි. ”
මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී දිලිනි ලක්මාලි අදහස් දක්වලා තිබුණේ.