අපේ අක්කට රහට උයන්න පුලුවන්, එයාගෙ කෑම කාලා තමයි මම බෝල ගෙඩියක් වගේ ඉන්නේ
මේ දිනවල සමාජ මාධ්‍ය භාවිතා කරන අයනම් ඕන කෙනෙක් දන්න කෙනෙක් තමයි ධනූ සින්නතම්බි කියන්නේ. ඉතින් ධනූ නිවේදකයෙක් වගේම මේ වන විට රංගන ශිල්පියෙක් විදියටත් ප්‍රේක්ෂක අපිට දැක ගන්න පුලුවන්. යූ ටියුබ් නාලිකාවක් වන ‘ධනුට කියන්න’ චැනලය හරහා ඔහු විවිධ රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ ඉන්ටර්විවස් කරනවා. ඉතින් ධනූට ලැබෙන්නේ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර.

ඒ වගේම ධනූ Hi tv එකේ ප්‍රධානියා විදියටත් වැඩ කරනවා. මේ ඔක්කොම කරන ධනූ රංගන ශිල්පියෙක් විදියට දැක බලා ගන්න පුලුවන් ‘යාලුවෝද යාලුයිද’ චිත්‍රපටය හරහා. ඔහු ටෙලිනාට්‍යයකත් රංගනය කිරීමට මේ වන විට සූදානමින් ඉන්නේ.
ඉතින් ධනූ යාපනයේ ඉදලා කොළඹ ඇවිත් දුක්බර ජීවිතයක් ගත කරලා තමයි අද වන විට ක්ශේෂ්ත්‍රයේ කාගේත් ආදරය දිනා ගන්න චරිතයක් වෙලා තියෙන්නේ. ඉතින් ඔහු කුඩා කාලයේම තාත්තා ජීවිතයෙන් සමු ගත්තත් පසුව අම්මත් ඔහුගේ ජීවිතයෙන් ඈත් වීමත් එක්ක ධනූට ආරක්ෂාව හා රැකවරණය ලබා දෙන්නේ ඔහුගෙ සහෝදරිය විසින්. ඉතින් ඔහුගේ අතීතය ගැන කිව්වේ මේ වගේ අදහසක්.

” මම යාපනේ මට අවුරුදු 6 දි මගේ තාත්තා නැති වුණා. ඉන් පස්සෙ මගේ ජීවිතේ වුණේ අම්මා. තාත්තා වෛද්‍යවරයෙක්, අම්මා ගුරුවරියක් අක්කා බැංකු ක්ශේෂ්ත්‍රයේ හිටියේ. අපේ අක්කට රසට කෑම උයන්න පුලුවන්. ඒ නිසා අක්කගෙ කෑම කාලා තමයි මම මේ බෝල ගෙඩිය වගේ ඉන්නේ. අපි ඉස්සර ගොඩක් අසීරුවෙන් තමයි ජීවත් වුණේ.”
මේ විදියටයි ධනූ ඔහුගේ අදහස් දක්වලා තිබුණේ.