මම ලොකු සෙනගක් ඉස්සරහ වැටුනමත් මගේ හස්බන්ඩ් හිනා වෙනවා
පුංචි තිරයේ දගකාරියක්, හැඩකාරියක් විදියට කවුරුත් ආදරේ කරන ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී ධනංජි තාරුකා. ඇය රංගනය කල ටෙලිනාට්‍යය ගණනාවක් පුංචි තිරය හරහා අපේ ආලින්දයට ආවත් ධනංජිව මේ දිනවල වැඩි පුර දැක ගන්න ලැබෙන්නේ නෑ. නමුත් ඇය විවිධ රූපවාහිනි වැඩ සටහන් හරහානම් නිතරම දැක ගන්න ලැබෙනවා.
ඉතින් රංගන ශිල්පිනියක් වගේම ධනංජී දක්ෂ නර්තන ශිල්පිනියක්ද වෙනවා. ඇය මේ වන විට විවාහ වෙලා සිටින්නේ. ඇගේ ආදරණීය සැමියා ෂැගීත් මේ වන විට රංගන ශිල්පියෙක් විදියට අපිට දැක ගන්න ලැබෙනවා. කඩවසම් ෂැගී ධනංජිට මුණ ගැහෙන්නේ ඇය ශූටින් ගිහින් නතරවෙලා හිටපු තැනදී.

ඉතින් එතනදී හමු වෙන ෂැගී සහ ධනංජී ආදර කතාවක් පටන් අරන් අද වෙන විට ඒ ආදර කතාව විවාහයකින් කෙළවර වෙලා තියෙනවා. ඉතින් ෂැගීව දැක ගන්න පුලුවන් දෙරණ නාලිකාවේ විකාශය වෙන ‘ලොක්කිගේ කතාව’ ටෙලිනාට්‍යයේ සමුද්‍ර හැටියට. ටෙලිනාට්‍යයට අනුව නපුරු චරිතයක් වුනත් ඔහු සැබෑ ජීවිතේ හරිම ආදරණීය සහ විහිලුවෙන් ඉන්න කෙනෙක්. ඒ ගැන ධනංජි එක්තරා මාධ්‍ය හමුවකදී කියලා තිබුණේ මේ විදියටයි.
” මම එක්තරා නිර්මාණයක මුහුරත් උළෙලකට සහභාගි වුණා. ඉතින් පිටපත දෙනකොට අපි ඉස්සරහට ගිහින් ගන්න ඕනනේ. ඔහොම යනකොට මම ලිස්සලා වැටුණා. මා කැරකිලා ගිහින් අධ්‍යක්ෂකතුමා ළග දන ගහගෙන හරියට එයාට ප්‍රපෝස් කරනවා වගේ. මම එහෙමම හැරිලා බැලුවා හස්බන්ඩ් කොහෙද කියලා. බලනකොට එයා මල් පොකුරක් අතරින් මම දිහා බලාගෙන හොදටම හිනා වෙනවා. එයා මම වැටුනම නැගිට්ටවන්න එන්නෙ නෑ හිනා වෙනවා.”

මේ විදියටයි සුරූපි ධනංජි තාරුකා අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි ජීවිතයට සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.