Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම කතා කරනවා වැඩි නිසා ෂැගී අඩුවෙන් කතා කරන නිසා පවුල් ජීවිතේ රැකිලා තියෙනවා

ධනංජි තාරුකා කියන්නේ කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න දගකාර හැඩකාර කටකාර රංගන ශිල්පිනියක්. ඇය පුංචි තිරය හරහා ටෙලිනාට්‍යය ඔස්සේ නිතරම දැක ගන්නට නොහැකි වුණත් විවිධ වැඩ සටහන් වලටනම් සහභාගි වෙනවා. ඉතින් ධනංජි කියන්නේ ක්ශේෂ්ත්‍රයේ ඉන්න හරිම සහයෝගීව කා සමගත් වැඩ කටයුතු කරන කෙනෙක්.

ඉතින් ධනංජි තාරුකා විවාහ වෙලා සිටින්නෙ මේ වන විට පුංචි තොරයේ කාගේත් ආකර්ෂණය වැඩිපුර ලබා ගෙන තියෙන කඩවසම් රංගන ශිල්පී ෂැගී සමගින්. ඉතින් ඔහු මේ දිනවල ඉතාම ජනප්‍රිය දෙරණෙහි විකාශය වෙන ‘ලොක්කි 2 ‘ ටෙලිනාට්‍යයේ සමුද්‍ර විදියට රංගනය කරනවා. ඉතින් සැමියා සහ ධනංජි ගෙවන සුන්දර පවුල් ජීවිතය ගැන මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” ෂැගීව මට මුණගැහුනේ මම ශූටින් ගිහින් නැවතුනු ලොජ් එකක අසල්වැසි කෙනෙක් විදියට මෙයා හිටියේ. එහෙම දැන හදුනගෙන තමයි විවාහ වුනේ. ඊට පස්සේ එයා රගපාන්න ආවා. ෂැගි ගොඩක් දුරට කතා කරන කෙනෙක් නෙමෙයි. මම ගොඩක් කතා කරන කෙනෙක්නේ. ඉතින් එයා කතාකරන්නෙ අඩුවෙන්. මම හිතන්නේ අපිදෙන්නගෙ පවුල් ජීවිතය මේ විදියට රැකිලා තියෙන්නෙ ඒ නිසා.”

ඒ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී ධනංජි තාරුකා ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *