Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මගේ පළවෙනි ටැටූ එක කලේ ඉස්කෝලෙන් අවුට් වුනාම නෑදෑ අක්කෙක්ගෙන් සල්ලි ඉල්ලගෙන

නව පරපුරේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි දෙව්නක පෝරගේ කියන්නේ. දෙව්නකව මේ දිනවල ටෙලි නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන්ට දැක ගන්න ලැබුණේ නැතත් ඔහු විවිධ මාධ්‍ය සාකච්ඡා සහ දෙව් හෂ් යූ ටියුබ් නාලිකාව හරහානම් දැක ගන්න පුලුවන්. ඉතින් අපේ රටේ ගොඩක් දෙනා දෙව්නකට ආදරය කරනවා.

ඉතින් දෙව්නක රංගනය කල ‘ඝරසරප’ චිත්‍රපටයටත් ගොඩක් දෙනෙක් ආකර්ෂණය වුණා. ඉතාම නිහතමානී චරිතයක් වුණ දෙව්නක පෝරගේගේ කලා ජීවිතයට මහත් රුකුලක් වුණේ ඔහුගේ නැන්දා වන අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනී නිමන්ති පෝරගේ විසින්. ඔහුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු නිසාම කලාවට මදක් සමුදුන් දෙව්නක අධ්‍යක්ෂකවරයෙක් හැටියට වැඩ කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

පසුගිය දා නීතිවේදී උපාධිය ලබා ගත්ත දෙව්නකගේ පෙම්වතිය තමයි අපි කවුරුත් දන්න රංගන ශිල්පිනියක් විතරක්ම නෙමෙයි ගායනයටත් දක්ෂ හසිනි වෑදණ්ඩ. ඔවුන්ගේ ආදර කතාව මේ වන විටනම් බොහෝ දෙනා දන්න ප්‍රසිද්ධ රහසක්. ඉතින් අම්මගෙයි තාත්තගෙයි හුරතලයට හැදුනු ගෙදර එකම දරුවා වන දෙව්නක පෝරගේ ටැටූ විලාසිතාවට බෙහෙවින් ප්‍රිය කල කෙනෙක්. එහි අත්දැකීමක් මේ විදියටයි ඔහු එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මම ඉස්කෝලෙන් අවුට් වෙලා තමයි මගේ පළවෙනි ටැටූ එක ගහන්න හැදුවේ. එතකොට යාලුවන්ටත් වඩා මටයි වුවමනාව තිබුණේ. අම්මයි තාත්තයි රට හිටියේ ඒ දවස්වල. මම ආච්චි එක්ක හිටියේ. මට ඒ කාලේ සල්ලි නැති නිසා මම කලේ අපේ කසින් වෙන අක්කා කෙනෙක්ගෙන් සල්ලි ඉල්ලගෙන තාත්තගේ වාහනේ ගිහින් ටැටූ එකක් කරගත්තා. HOPE කියලා. අම්මා දැන ගත්ත වෙලේ ඉදන් මට බැන්නා. තාත්තා ප්‍රශ්නයක් වුණේ නෑ.”

මේ විදියටයි දෙව්නක පෝරගේ දක්ෂ රංගන ශිල්පියා ඔහුගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *