Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම ශිෂ්‍යත්වෙ ෆේල් වුන නිසා තමයි තාත්තලා තව ළමයෙක් හදලා තියෙන්නේ, නංගිගෙයි මගෙයි පරතරය අවුරුදු 11ක්

සම්මානනීය රංගන ශිල්පියෙක් වන ඔහු ජනප්‍රිය දසුන් පතිරණ. කසුන් කියන්නේ ආන්දෝලනාත්මක සිනමා නිර්මාණ කිහිපයකම තම රංගන දායකත්වය ලබා දුන්න දක්ෂයෙක්. ඉතින් සිනමාව විතරක් නෙවෙයි දසුන්ව ව අපිට පුංචි තිරය හරහා දැකගන්නට ලැබෙනවා. මේ දිනවල මැස්සා ටෙලිනාට්‍යයේත් දසුන්ට ආදරය කරන ප්‍රේක්ෂකයාට ඔහුව දෑ ගන්න පුලුවන්.

මෝටර් බයිසිකල්, සයපෙති කුසුම, හුස්ම, දැවෙන විහගුන්, නිනෝ ලයිව් වැනි චිත්‍රපට හරහා දැක ගන්නට හැකියාව තියෙනවා. ඒ වගේම මේ දිනවල කවුරුත් කතා කරන ලංකාවේ පළවෙනි 3D චිත්‍රපටයක් වන ගජමෑන් චිත්‍රපටයටත් ඔහු දායකත්වය ලබාදීලා තියෙනවා. මේ වන විට විවාහ වෙලා දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වන දසුන් පතිරණ ළමා කාලය ගැන මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දක්වලා තිබුණේ.

” අපේ අම්මයි තාත්තයි දෙන්නම මරදානේ. ඉතින් අපි මරදානෙ තට්ටු ගෙවල් වල තමයි ජීවත් වුණේ. අම්මලා තාත්තලා මාව ඇහැක් වගේ බලාගත්තේ. මොකද මම තමයි ගෙදර ඉන්න එකම ළමයා. ඒ විදිහට කාලයක් යනකොට ගෑණු ළමයෙක් වගේ තමයි මම හැදුනේ. මම පහ වසර ශිෂ්‍යත්වය ලිව්වහම ෆේල් වුණා. තාත්තා බලාපොරොත්තු වුනේ මම පාස් වෙයි කියලා. ඒ වෙනකොට මම ගියේ පෞද්ගලික පාසලකට.

ඉතින් තාත්ත ලා තීරණය කරලා තව ළමයෙක් හදන්න. ඒ විදියට තමයි නංගී එන්නේ. අපි දෙන්නා අතර බදාගෙන ඉන්න සහෝදර කමක් නෑ. මොකද නංගි ටිකක් එකක් ලොකු වෙනකොට මම තරුණ වයසට එනවනේ. නමුත් අපි දෙන්නගෙ තියෙන සහෝදර බැඳීම නම් මාරම එකක්. නංගි මට වඩා අවුරුදු එකොළහක් බාලයි. අපේ නංගිට හොඳට තේරුම් ගන්න ශක්තියක් තියෙනවා.”

මේ විදිහටයි දසුන් පතිරණ කුසලතා පරිපූර්ණ රංගන ශිල්පියා ඔහුගේ බාල කාලය ගැන කියලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *