මට ආදරේ කරන ගැහැනු ළමයි අතරින් සිංහල ගැහැණු ළමයි වැඩියි, ඒ කෙනෙක් මගේ ජීවිතේට ආවොත් බාරගන්නවා
ශක්ති නාලිකාවේ වැඩ සටහන් ඉදිරිපත් කරන නිවේදකයෙක් විදියට කොයි කවුරුත් ආදරේ කරන කඩවසම් තරුණයා තමයි දර්ශන් තවරාජා කියන්නේ. ඉතින් ඔහු රංගනයට, ගායනයට, චිත්‍ර ඇදීමට, නිවේදනයට කියන මේ හැම අතින්ම දක්ෂ කෙනෙක් වුණත් තවම කලා ක්ශේෂ්ත්‍රයට ඉතා ආගන්තුක චරිතයක්.
දර්ශන් රංගනය කල ටෙලිනාට්‍යය විදියට හිතුවක්කාර හී කෙවින්, සිදු 3 සහ ශක්ති හී වර්ණ විදියටයි ප්‍රේක්ෂක අපි අතරට එන්නේ. ඒවගේම දර්ශන් තවරාජා රංගනයෙන් දායක වුණු පළමු මියුසික් වීඩියෝව තමයි කළුවරට හිත බය හින්දා මියුසික් වීඩියෝව. ඉතින් ඔහු ගැන මෑතකදී වැඩි පුර කතා කරන්නට වුණේ තරුණියන්ගේ ආකර්ෂණය ඉහලින් ලබා ගත්ත රංගන ශිල්පියෙක් විදියටයි.

ඉතින් දර්ශන් තවරාජා පසුගිය දා පැවති සුමති සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවන් 10 දෙනා අතරට එක් වුණා. ඒ ගැන නොමද සතුටක් තමයි ඔහුට තියෙන්නේ. දමිළ නලුවෙක් වුණත් වැඩි ආකර්ෂණයක් ලැබෙන්නේ සිංහල රසිකාවියන්ගෙන් කියලයි දර්ශන් කියන්නේ. ඉතින් තවම ආදරවන්තයෙක් නොවන දර්ශන් මේ විදියටයි ඔහුගේ ආදරය සොයා ගන්න හැටි කියලා තිබුණේ.
” මට සිංහල රසිකාවියන් වැඩියි. ඒ කට්ටිය අතරින් කවුරුහරි මගේ ජීවිතේට ආවොත් මම අනිවාරෙන්ම ගොඩක් සතුටින් බාරගන්නවා. මට එක්කෙනෙක් හිටියා සිංහල වචන දවසට දෙක තුනක් උගන්නන. මට ඕන හොද එන්ටර්ටේනර් කෙනෙක් වෙන්න.”

මේ විදියටයි දර්ශන් තවරාජා ඔහුගේ අදහස් දක්වලා තිබුණේ.