Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

ඉස්කෝලෙන් අවසර දීලා තියෙන්නෙ මට කොන්ඩෙ වවන්න, මුලින්ම කලාවට සම්බන්ධ වෙන්නෙ අවුරුදු 3 දි

රංගන ශිල්පියෙක්, නිවේදනය, සටන් ශිල්පය, නර්තනය, ක්‍රීඩාව වැනි සියලු අංශයන්ට දක්ෂතා දක්වන ඒ ළමා රංගන ශිල්පිය තමයි දමිතු ප්‍රනාන්දු කියන්නේ. සම්මානනීය ළමා රංගන ශිල්පියෙක් වන දමිතු මේ වන විට වයස 11ක කුඩා දරුවෙක්. ඉතින් දමිතු ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහලින්ම ලබා ගත්තේ ‘අකුරු මැකී නෑ’ ටෙලිනාට්‍යයේ අභිෂෙක් හරහා. ඉතින් ඒ වගේම දමිතු රංගනය කල අනෙකුත් ටෙලිනාට්‍යය විදියට මහපොළව, දුම්කොළ මහත්තයා, වයිතාලේ, ළංවී වැනි ටෙලිනාට්‍යය ගණනාවක ඔහු රංගනයෙන් දායක වුනා.

ඒ වගේම දමිතු සිනමා නිර්මාණ වගේම වෙළද දැන්වීම් වලත් කෙටි චිත්‍රපට වලත් රංගනයෙන් දායක වුනා. ඉතින් දමිතු ප්‍රනාන්දු ළමා රංගන ශිල්පියා ඔහුගේ පාසලෙන් සිය කලා ගමනට ලැබෙන සහයෝගය ගැන කිව්වේ මේ වගේ අදහසක්.

” මගේ පාසල මොරටුව වෙලස් කුමර විදුහල. මට විදුහල්පතිතුමා ඇතුළු සියලුම ගුරු මණ්ඩලයෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායකයා මමයි. මම දැන් පහ වසරේ. ශිෂ්‍යත්වයට ලකුණු 168 ක් අරන් මම පාස් වූනා. ඉස්කෝලෙන් මට කොන්ඩෙ වවන්න අවසර දීලා තියෙන්නේ. යාලුවෝ කියනවා එයාලටත් ආසයිලු මම වගේ කොන්ඩෙ වවන්න.

මම මුලින්ම රගපෑවේ වයස අවුරුදු 3 දි. ඊටපස්සේ අවුරුදු 8 ක් වෙනකම් ඒකාංගික ටෙලිනාට්‍යය වල රගපෑවා. අපේ තාත්තා අංගම්පොර සටන් අධ්‍යක්ෂකවරයෙක්. ඒ නිසා තාත්තා මටත් කියලා දෙනවා. මට අනාගත බලාපොරොත්තු කියලා තාම හිතලා නෑ. රටට වැඩදායී පුද්ගලයෙක් වෙන එකයි බලාපොරොත්තුව.”

මේ විදියටයි ජනප්‍රිය ළමා රංගන ශිල්පී දමිතු ප්‍රනාන්දු ඔහුගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *