Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

බැන්දා කියලා ඇන්ටි කෙනෙක් වෙන්නෙ නෑ – ලංකාවේ සරාගීම සුරූපි නිලිය

නිරූපන ශිල්පිනියක් විදියටත් දක්ෂ රංගන ශිල්පිනියක් විදියටත් කොයි කවුරුත් අතර කතා බහට ලක් වුණු කෙනෙක් තමයි චූලක්ෂි රණතුංග කියන්නේ. ඇය කලා ක්ශේෂ්ත්‍රයට එන්නේ නිරූපන ක්ශේෂ්ත්‍රය හරහායි. ඉතින් නිරූපිකාවක් විදියට කාගේත් ආකර්ෂණය ලබා ගන්න චුලක්ෂි රංගනය කල චිත්‍රපට ගණනාවක්ම ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළදගත්තා.

ඉතින් පසුගියදා කවුරුත් චුලක්ෂි ගැන කතා කරන්නට වුණේ ඇය රංගනය කල ‘ගිණිමල් පොකුරු’ සිනමා නිර්මාණය හරහා. මෙහි සරාගි චරිතයක් රංගනය කල චුලක්ෂි එහිදි ඇය රංගනයෙන් දායක වුණේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන ඉසුරු ලොකුහෙට්ටිආරාච්චි සමගින්.

ඉතින් චුලක්ෂි ‘තවත් ආදර කතාවක්’ කියන චිත්‍රපටයේ මුහුරත් උළෙල සදහා සහභාගි වෙලා තිබුණා. විවිධ විලාසිතාවන් කරන කෙනෙක් විදියට කාගේත් සිත් ඇදගන්නා විලාසිතාවන් තමයි චූලක්ෂි කරන්නේ. සමාජ මාධ්‍ය හරහා ඉතා ක්‍රියාශීලි චරිතයක් වන චූලක්ෂි ඇගේ සමාජ මාධ්‍ය හරහා සරාගී චායාරූප ඇය ප්‍රේක්ෂකයන් සමගින් හුවමාරු කරගන්නවා. ඉතින් ඇය එක් වුණු මාධ්‍ය සාකච්ඡාවකදී ඇගේ අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” විවාහ වුණා කියලා අමුතු එකක් නෑ. මම මගේ විවාහය ගැන මාධ්‍ය ඉස්සරහ කතා කරන්න කැමතිත් නෑ. කට්ටිය තමයි තීරණය කරන්න ඕන මමද ලංකාවේ ඉන්න සරාගීතම රංගන ශිල්පිනිය කියලා. මම මේ වන විට වෘත්තීමය රංගන ශිල්පිනියක්. මම චරිතයක් භාර ගනිද්දි මුදල ගැනට වඩා මේකෙන් මට කරන්න තියෙන්නේ මොකද්ද කියලයි බලන්නේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *