Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

හැමෝම හිනාවුණු මේ ළමයට මගේ පාසලේ නොමිලේ ඉගෙනගන්න මම එයාට ශිෂ්‍යත්වයක් ලබා දුන්නා

නිරුපන ක්ශේෂ්ත්‍රයේ වසර 25 ක පමණ කාලයක් තුළ නියැලෙමින් නිරූපන ක්ශේෂ්ත්‍රය තුල ඉන්න බොහෝ අත්දැකීම් සහිත නිරූපන ශිල්පිනියක් තමයි චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණ කියන්නේ. ඉතින් ඇය නිරූපනයය ගැන ඉගෙන ගන්න ආස අයට නිරූපනය උගන්වන ගුරුවරියක්. මේ දිනවල ඇය ඇගේ පාසලේ උපාධි ප්‍රධානෝත්සවයට සූදානම් වෙමින් සිටින්නේ.

ඉතින් ඇය නිරූපන ක්ශේෂ්ත්‍රය තුළ බොහෝ අත්දැකීම් සහිත කෙනෙක්. එතුමිය පුහුණුවීම් කල කැරොලයින් ජූරී විවාහක රූ රැජින කිරුළ ජයග්‍රහණය කිරීම තමයි චූලා පද්මේන්ද්‍රගේ ලොකුම සතුට. නිරූපන ක්ශේෂ්ත්‍රයට මුල් අඩිය තැබුවේ1996 වසරේයි. ඇය ඇගේ ක්ලාස් එක පටන් ගත්තේ 2009 අවුරුද්දේ. ඉතින් මෙ කාලයේ අවුරුදු උත්සව බෙහෙවින් පැවැත්වෙනවා. ඒ අතර අවුරුදු කුමර කුමරිය තරගාවලිත් පවත්වනු ලබනවා. ඉතින් ඒ අතරේ මෑතකදී වැඩිපුර කතා බහට ලක් වුණු අවුරුදු කුමරියක් ගැන ඇය මේ විදියටයි කියලා තිබුණේ.

” මම ෆේස්බුක් එකේ උඩ පහල යනකොට දැක්කා තරුණියකට කට්ටිය සමච්චල් කරලා තිබුනා. ඇගේ සමේ පැහැයට සහ ස්වභාවයට තමයි එහෙම සමච්චල් කරලා තිබුණෙ. මම ඒ ළමයව සම්බන්ධ කරගෙන කතා කලා. එයාලගේ ගෙදර හොයාගෙන ගියා. එයාව ඇත්තටම දැක්කට පස්සේ ඇගේ සුන්දරත්වය හරියට දැක්කේ. ඇය මුණ ගැහුනම තමයි තේරුණේ හරිම ශක්තිමත් තරුණියක් කියලා. ඇයට එන ප්‍රතිචාර වලට ඇය බිය වුණේ නැහැ. මම ඇයට වටිනාකමක් ලබා දෙන්න මගේ ක්ලාස් එකේ නොමිලේ ඉගෙන ගන්න ශිෂ්‍යත්වයක් ලබා දුන්නා.”

මේ විදියටයි ජනප්‍රිය නිරූපිකා චූලා පද්මේන්ද්‍ර ඇගේ අදහස් එක්තරා පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *