මගේ ජීවිතේ පිරිලා තියෙන්නේ චතුරිකා සහ දෝණිගෙන්, අපි ජීවත් වෙන්නෙ රටට ඕන විදියට නෙමෙයි
කාලයක් ප්‍රේක්ෂකයන් වැඩි පුර කතා බහට ලක් වුණු යුවළක් තමයි ගයාන් චතුරිකා යුවළ. කාගේත් දෝෂාරෝපණයට හසුවුණු මේ දෙදෙනාම පළමු විවාහයන්ගෙන් වෙන් වෙලා තමයි අද මේ වනවිට වෙනම කැදැල්ලක සුන්දරත්වය විදින්නේ.
ඉතින් ගයාන් සහ චතුරිකා කියන්නේ ක්ශේෂ්ත්‍රයේ කොයි කවුරුත් ආදරය කරන ඒ වගේම දක්ෂ රංගනයක යෙදෙන ඉතාම දක්ෂ රංගන ශිල්පී යුවළක්. ගයාන් සහ චතුරිකා ආදරණීය කැදැල්ලේ සතුට වැඩි කරන්න ආව ඒ සුරංගනාවිය තමයි ආරාධනා දෝණි. සමාජ මාධ්‍ය හරහා කාගෙත් ආදරය ලබන ආරාධනා දෝණිගේ හුරතලයත් එක්ක මේ සුන්දර කැදැල්ල සතුටින් ජීවත් වෙනවා.

ඉතින් ගයාන් සහ චතුරිකා සහභාගි වුණු එක්තරා මාධ්‍ය හමුවකදී පවුල් ජීවිතේ ඇති සුන්දරත්වය ගැන ඔවුන් දෙදෙනා කිව්වේ මේ වගේ අදහසක්.
” අපිට ඉස්සර ප්‍රේක්ෂකයන්ගෙන් විවිධ ප්‍රතිචාර ලැබුණා. නොයෙක් දේවල් කිව්වා. නමුත් අපි ජීවත් වෙන්නේ අපිට ඕන විදියට. අපිට මිනිස්සුන්ට ඕන විදියට ජීවත් වෙන්න බෑනේ. ගයාන්ට අපේ පවුලට ඕනි විදියට අපි ඉන්නේ. දැන්නම් මමයි ගායානුයි ඉන්නේ ආරාධනාට ඕනි විදියට.’’
ගයාන් තම පවුලේ සුන්දරත්වය ගැන කිව්වේ මෙහෙමයි.
” මගේ ජීවිතේ පිරිලා තියෙන්නේ ආරාධනාගෙන් සහ චතුරිකාගෙන්. අපි ගොඩක් සතුටින් ඉන්නවා. අපිට අපි නැතුව බෑ.”

මේ විදියටයි චතුරිකා සහ ගයාන් සුන්දර කැදැල්ලේ සතුට ගැන අදහස් දක්වලා තිබුනේ.