මම චූටි කාලේ අපේ ගෙදර ටීවි තිබ්බෙ නෑ, වෙන ගෙදරකට ගිහින් රංජන් අයියගෙ චිත්‍රපටි බැලුවා
ඉතා අහඹු විදියට කලා ක්ශේෂ්ත්‍රයට ආපු ඇය ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනී චතූ රාජපක්ෂ. චතූ රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් වගේම නර්තන ශිල්පිනියක් විදියටත් ක්ශේෂ්ත්‍රය තුළ තම දක්ෂතා පෙන්වන කෙනෙක්. ඉතින් චතූ රංගනයෙන් දායක වුණ ස්වර්ණවාහිනී නාලිකාවේ දිවිත්ව චරිතයක් කල ‘ බන්ධනා ‘ ටෙලිනාට්‍යයේ වගේම ‘ගගන පියවර’ ටෙලිනාට්‍යයේත් ඇය රංගනය කලා.
චතූ රාජපක්ෂ කලාවට එන්න කලින් ආයතනයක රැකියාවක් කරලා ඒ හරහා දැකලා තමයි ඇය රංගන ක්ශේෂ්ත්‍රයට පා තබන්නේ. ඉතින් මේ වන විට පුංචි තිරය වගේම රිදී තිරය හරහාත් සිය දක්ෂතා දක්වන චතූ සුරංග ද අල්විස්ගේ ‘ද ගේම්’ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක් රග දක්වනවා.

ඉතින් චතූට මේ චිත්‍රපටයේ සුපර් ස්ටාර් රංජන් රාමනායකගේ නංගී විදියට තමයි රංගනයෙන් දායක වෙන්න තියෙන්නේ. ඒ ගැන මේ විදියටයි චතූ එක්තරා මාධ්‍ය හමුවකදී කියලා තිබුණේ.
” අපි චූටි කාලේ ඒ කාලේ අපේ ගෙදර ටීවි එකක්වත් තිබුණෙ නෑ. ඒ කාලේ වෙන ගෙදරකට ගිහින් හරි අපි රංජන් අයියගෙ චිත්‍රපටි බලලා තියෙයි. ඉතින් එදා ඉදලා අද වෙනකම් අපි හැමෝගෙම සුපර් ස්ටාර් තමයි රංජන් අයියා. එදත් එහෙමයි. අදත් එහෙමයි. ඉතින් ඔහු වගේ කෙනෙක් එක්ක රගපාන්න ලැබුණු එක මට ලොකු සතුටක්. ඒක කියා ගන්න බැරි භාග්‍යක් මගේ ජීවිතේට.”

මේ විදියටයි සුරූපි රංගන ශිල්පිනී චතූ රාජපක්ෂ ඇගේ අදහස් දක්වලා තිබුනේ.