මම ද ගේම් චිත්‍රපටය ටිකට් අරන් 6 පාරක් බැලුවා, තමන් රගපාපු නිර්මාණයක් මේ තරම් බලපු එකම කෙනා මම වෙන්න ඇති
පුංචි තිරය, සිනමාව, නිවේදනය කියන මේ හැම ක්ශේෂ්ත්‍රයකම දක්ෂතා දක්වන කෙනෙක් තමයි චතූ රාජපක්ෂ කියන්නේ. චතූ රංගනයෙන් දායක වුණු ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණු ‘බන්ධනා’ ටෙලි නාට්‍යයට ඇයට ගොඩක් ප්‍රතිචාර ලැබුනා. ඒ වගේම ඇය ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වුණු පළමු අවස්ථාව එයයි.

ඒ වගේම ඉතාම අහම්බෙන් කලා ක්ශේෂ්ත්‍රයට පිවිසුණු චතූ රාජපක්ෂ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියටත් වැඩ කටයුතු කලා. ඉතින් ඒ විදියට කලා කටයුතු වලට දායක වුනු ජනප්‍රිය රංගන ශිල්පිනී චතූ රාජපක්ෂගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත් වෙන්නේ සුරංග ද අල්විස්ගේ ද ගේම් චිත්‍රපටය. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට ඇය රංගනයෙන් දායක වුණා. ඉතින් මේ චිත්‍රපටයට ඇයට ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා කියලයි චතූ කියන්නේ. ඉතින් චිත්‍රපටය ගැන ඇය මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.
” රංජන් රාමනායක කියන්නේ මගේ අයියා. ජනිත් වික්‍රමගේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ්. මම කොහෙත්ම හිතුවෙ නෑ මට රංජන් අයියා එක්ක රගපාන්න ලැබෙයි කියලා. මම රංගන ජීවිතේ ලබපු ලොකුම දෙයක් ඒක. ගොඩක් අය කිව්වා ඔයා ලස්සනට රගපෑවා කියලා. මම ෆිල්ම් එක හය පාරක් බැලුවා. මුලින් අප්පච්චිලා එක්ක ගියා.

ඊට පස්සෙ අක්කලා එක්ක ගියා. ඊට පස්සේ ඩ්‍රාමා එකේ හිටපු දෙන්නෙක් එක්ක ගියා. ඊට පස්සේ යාලුවො එක්ක ගියා. ඊට පස්සේ හස්බන්ඩ් එක්ක ගියා. ආයේ යාලුවෝ එක්ක ගියා. තමන් රගපාපු එකක් ඔය තරමට බලපු පළමු එක්කෙනා මම වෙන්න ඇති. ඒ තරමට මම ආසයි.’’
මේ විදියටයි සුරූපි චතූ රාජපක්ෂ ඇගේ අදහස් දක්වලා තිබුණේ.