Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

කෙලින්ම බදිමුද කියලා අහපු නිසයි මම එයා ගැන හිතුවෙ

රංගන ශිල්පිනියක්, ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියට ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලබා ගන්න ඇය චතූ රාජපක්ෂයි. චතූ කියනවාට වඩා ඇයව ගොඩ දෙනෙක් දන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණු ‘බන්ධනා’ ටෙලිනාට්‍යයේ බන්ධනා විදියටයි. ඉතින් ඒ වගේම ගගන පියවර ටෙලිනාට්‍යයේත් ඉතා දක්ෂ රංගනයක යෙදෙන චතූ පුංචි තිරය වගේම සිනමාව තුළත් තම රංගන දක්ෂතා පෙන්වපු කෙනෙක්.

චතූ ප්‍රධාන චරිතයකින් සහභාගි වුණු සිනමා නිර්මාණයක් තමයි සුරංග ද අල්විස්ගේ ‘ද ගේම්’ සිනමා නිර්මාණය. ඉතින් මේ විදියට තම රංගන දක්ෂතා පෙන්වන චතූ විවාහක කාන්තාවක්. ඇය විවාහ වෙලා ඉන්න ඇගේ ආදරණීය සැමියාව ඇයට මුණ ගැසෙන්නේ ඉතා අහම්බයකින්. ඒ ගැන චතූ මේ විදියටයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මට හස්බන්ඩ්ගෙ අයියා රණවිරු වැඩ සටහනකට ආරාධනා කලා. මට යන්න වාහනයක් නැති නිසා මම කිව්වා අයියෙ මට එන්න වෙන්නෙ නෑ කියලා. ඊට පස්සේ අයියා කිව්වා මම වාහනයක් එවන්නම් ඔයා එන්න කියලා. මම යාලුවො ටිකකුත් එකතු කරගෙන ලෑස්ති වුනාම ඩ්‍රයිවර් කෙනෙක් එක්ක වාහනයක් ආවා.

ඉතින් ඒ වාහනේ ඩ්‍රයිවර් තමයි මගේ හස්බන්ඩ්. අපි කතා කර කර ගිය නිසා ගොඩක් ෆිට් වුණා. එයා මගෙන් කෙලින්ම ඇහුවෙ ආදරෙයිද කියකා නෙමෙයි බදිමුද කියලා. ඒක නිසාමයි මම එයා ගැන හිතන්න පටන් ගත්තේ. මට තේරුනා හොද අහිංසක කෙනෙක් කියලා. එයාලගෙ ගෙදරට අපි යාලු වුන ගමන්ම එයා කියලා තිබුණා. කවුරුත් විරුද්ධ වුණේ නෑ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *