අයියා නිළියක් බැන්ද නිසා මම නිළියක් බැන්දෙ නෑ
අපේ රටේ හොද නමක් තියාගෙන ඉන්න ඒ වගේම ප්‍රේක්ෂකයන් බෙහෙවින් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියන් දෙදෙනෙක් තමයි චතූ රාජපක්ෂ සහ නිත්‍යා දේවින්දි කියන්නේ. මේ දිනවල මේ රංගන ශිල්පිනියන් දෙදෙනාම එක හා සමානව ජනප්‍රිය රංගන ශිල්පිනියන් දෙදෙනෙක්. මේ දිනවල පාර දිගේ ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායක වෙන නිත්‍යා දේවින්දි සහ බන්ධනා ටෙලිනාට්‍යයේ රංගනය කල චතූ රාජපක්ෂ රංගන ශිල්පිනියන් දෙදෙනාම විවාහ වෙලා ඉන්නේ අයියයි මල්ලියි.

ගීතාංජන ද කොස්තා සහ දර්ශන ද කොස්තා කියන්නේ මේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් දෙදෙනාගේ සැමියන් දෙදෙනා. ඉතින් ගීතාංජන ද කොස්තා ටෙලිනාට්‍යය නිෂ්පාදකවරයෙක් වන අතර දර්ශන කියන්නේ ව්‍යාපාරිකයෙක්. ඉතින් අයියයි මල්ලියි විවාහ කරගෙන සිටින මේ ජනප්‍රිය නිලියන් දෙදෙනාට විවිධ අකරතැබ්බයන් පවා සිදු වෙලා තියෙනවා අයියයි මල්ලියි මිනිසුන්ට අදුනගන්න බැරි වුණු අවස්ථාවල.
ඉතින් ගොඩක් දෙනා ඊර්ෂ්‍යා කරන පවුලක් දෙකක් වන චතූවේ පවුලත් නිත්‍යාගේ පවුලත් තුළ මේ දෙදෙනාටම අයියයි මල්ලියි මුණ ගැහිලා තියෙන්නේ එකම දවසේ. ඉතින් චතූගේ සැමියා වන දර්ශන මේ විදියටයි අයියා යන මග ගැන අදහස් දක්වලා තිබුණේ.

” මම අයියා නිළියක් යාලුවුන නිසා යාලුවුනා නෙමෙයි. මම අයියගේ වැඩේට සපෝර්ට් කරන්න චතූට ට්‍රාන්ස්පෝර්ට් දුන්නේ. ඊට පස්සේ ඉතින් මගේ හිත ගියේ එයාට. අයියයි මමයි දෙන්නම එකම දවසෙ තමයි වැඩේ දුර දිග යන්න මේ දෙන්නව හම්බුනේ. පොඩි කාලේ අයියා කොන්ඩෙ කපන විදියට මමත් අයියා කපපු දවසට පස්සෙ දවසේ කොන්ඩේ හදාගෙන එනවා.”
මේ විදියටයි චතූ රාජපක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියගේ සැමියා අදහස් දක්වලා තිබුණේ.