Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මගේ 1 වෙඩින් ඇනිවසරි එකට ලැබුණෙ අගල් 65 ටීවි එකක් – ජනප්‍රිය රංගන ශිල්පිනී චතූ රාජපක්ෂ

පුංචි තිරය තුල වගේම සිනමාව තුළත් තම දක්ෂතා පෙන්නුම් කරන ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී චතූ රාජපක්ෂ. චතූ රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍යය විදියට ‘බන්ධනා’ ටෙලිනාට්‍යයේ ද්විත්ව චරිත රංගනයකට ඇය දායක වුණා. ඉතින් ඒ වගේම ගගන පියවර ටෙලිනාට්‍යයේත් චතූ රංගනයෙන් දායක වුණා.

ඒ වගේම ටෙලිනාට්‍යය විතරක් නෙමෙයි සිනමා නිර්මාණ හරහාත් ඇය ඇගේ දක්ෂතා පෙන්නුම් කලා. ඉතින් රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියටත් වැඩ කටයුතු කල චතූ මේ වන විට රංගනය තුලින් පමණයි දැක ගන්නට ලැබෙන්නේ.

විවාහ වෙලා සතුටින් ඉන්න චතූ රාජපක්ෂ මේ වන විට ආදරණීය බිරිදක් විදියටත් ඇගේ වගකීම් තම පවුල වෙනුවෙන් ඉටු කරනවා. ඉතින් චතූ රාජපක්ෂ ඇයට ලැබුණු ඇන්වසරි ගිෆ්ට් එකක් ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” මගෙ පළවෙනි වෙඩින් ඇනිවසරි එකට ලැබුණෙ අගල් 65 ටීවි එකක්. ඉතින් ඒක තියලා තිබ්බේ අපේ බෙඩ් රූම් එකේ ඇද ලග. ඉතින් මම ගෙදර අතුගානකොට ඇද යට අතුගාන්න කොස්ස ඇද යටට දැම්මම ආපහු ගන්නකොට ටීවි එකේ වැදුනා. ටීවී එක ඉවරයි. මම හිතලා නෙමෙයි කලේ. ”

මේ විදියටයි චතූ රාජපක්ෂ ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *