මම දන්න තරමින් පූජා දැන් රගපාන්නෙ නෑ, එදා තිබුණු හිතවත්කම තවම තියෙනවා
කාලයක් ගත වුණත් ජනතාවගේ හදවතේ ලැගුම් ගන්න රංගන ශිල්පීන් ශිල්පිනියන් ඉතාම අඩුයි. ඉතින් ඒ වගේම එදා සිට අද දක්වාම තවමත් කවුරුත් ආදරය කරන තවමත් තරුණකම රැකගෙන ඉන්න ඔහු ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන චන්න පෙරේරා. චන්නට එදා ලැබුණු ප්‍රේක්ෂක ආදරය සහ ආකර්ෂණය තවමත් කිසිම අඩුවක් නැතුව තියෙනවා.

ඉතින් චන්න පෙරේරා කිව්වම මෑතකදී ඔහු ගැන හැමෝම කතා කරන්නට වුණේ ඔහු අධ්‍යක්ෂණය කල නවතම චිත්‍රපටයක් වන යුගාත්‍රා හී මුහුරත් උළෙල පැවැත්වුණා. ඒ ගැන ප්‍රේක්ෂක හැමෝගෙම අවධානයට ලක් වුණා. ඉතින් එකිනෙකට වෙනස් වූ චිත්‍රපට නිර්මාණ අධ්‍යක්ෂණය කරන චන්න පෙරේරා කිව්ව ගමන්ම හැමෝටම මතක් වෙන චිත්‍රපටයක් තියෙනවා. ඒ මීට වසර ගණනාවකට පෙරදී අපි බලපු අංජලිකා චිත්‍රපටය.
ඉතින් ගයාත්‍රි ඩයස් කියන අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පිනිය සමගින් විවාහ වෙලා හිටපි චන්න දෙදරු පියෙක්. ඒ කොහොම වුණත් මේ වන විට චන්න ගයත්‍රිගෙන් වෙන් වෙලා සිටින්නෙ. ඒ කොහොම නමුත් ඉන්දියාවේ ඉදලා අපේ සිංහල සිනමාවට පූජා උමාෂංකර්ව හදුන්වලා දුන්නේ චන්න පෙරේරා විසින්. ඒ ගැන චන්න පෙරේරා මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මම දන්න තරමින් දැන් පූජා රගපාන්නෙ නෑ. එදා තිබුණු බැදීම මිත්‍රත්වය තවම තියෙනවා. මෑතකදී කතා කරන්න බැරි වුණා. ඒ වුනාට ලංකාවට ආවම එහෙම අපි හම්බවෙනවා. මම ආසාවෙන් ඉන්නේ මගේ අලුත් වැඩකට එයාව ගන්න. බලමු ඉස්සරහට.”
මේ විදියටයි චන්න පෙරේරා අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.