Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම පොඩි කාලේ චිත්‍රපට පිස්සෙක්, මට නොතේරෙන කාලේ පවා මම චිත්‍රපට බලන්න කරදර කරනවලු

කඩවසම් රංගන ශිල්පියෙක් වගේම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන ඔහු ජනප්‍රිය චරිතයක් වන චන්න පෙරේරා. චන්නගේ චිත්‍රපටයක් ගැන මේ දිනවල වැඩිපුර කතා කරන්නට වෙනවා. ඒ යුගාත්‍රා චිත්‍රපටය. ඉතින් එදා අංජලිකා චිත්‍රපටයේ රංගනය කල චන්න පෙරේරා ඉන් පසුව කීප අවස්ථාවකදීම ප්‍රේක්ෂක අපි අතරට ආවා. ඉතින් චන්න පෙරේරා ආදරණීය රංගන ශිල්පියා විවාහ වුණෙත් ක්ශේෂ්ත්‍රයේ ඉන්න සුරූපි රංගන ශිල්පිනියක් වන ගයත්‍රි ඩයස් සමගයි.

ගයත්‍රි ඩයස් සහ චන්නට දුවලා දෙන්නක් ඉන්නවා. නමුත් චන්න සහ ගයත්‍රි විවාහයෙන් වෙන් වෙලා මේ වන විට තනි තනිවම තමයි ජීවත් වෙන්නේ. ඒ කොහොම වුණත් දරුවන්ගේ වැඩ කටයුතුවලදී මව් පියන් විදියට වගකීම් සහගතව තමයි ගයත්‍රි සහ චන්න පෙරේරා වැඩ කටයුතු කරන්නේ.

ඉතින් චන්න පෙරේරා කුඩා කාලයේ ඉදලම චිත්‍රපට බලන්න බෙහෙවින්ම ආස කරපු කෙනෙක්. දෙමාපිය අවසරය නැතුව රංගනයට පිවිසෙන්නට නොහැකි නිසා චන්න ඔහුගේ ආසාව යටපත් කරගෙන තමයි සිටියේ. ඉතින් ඔහු කුඩා කාලයේ ඉදලම කලාවට ආදරය කල ආකාරය ගැන මේ විදියටයි එක්තරා රූපවාහිනි මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මම පොඩි කාලේ චිත්‍රපට පිස්සෙක්. ඒකියන්නේ තේරෙන නොතේරෙන කාලේ ඉදලා. මාව කොහේ හරි එක්කන් යනවනම් චිත්‍රපටයක් බලන්න පොරොන්දු කරවගෙනලු එක්ක යන්නේ. ඉතින් ඔහොම ආසාව තිබිලා ඊට පස්සේ මම ක්‍රිකට් ගහලා එහෙම කට්ට කලු වෙලා ඉදලා. ආයේ තරුණ වියට ආවම මම ලස්සන වෙන්න උත්සහ කලා. අපේ තාත්තා මාව බැංකුවක රැකියාවකට දැම්මා. එතනදි තමයි මගේ නලු පිස්සුව හරි ගියේ.”

මේ විදියටයි කඩවසම් රංගන ශිල්පී චන්න පෙරේරා අදහස් දක්වලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *